හැමදාම වගේ උදෙන්ම නැගිට්ට මම ඉක්මනට කෑම උයලා ලෑස්ති උනේ මන් වැඩ කරන කැෆේ එකට යන්න. යන්න කලින් තාමත් තද නින්දේ ඉන්න මගේ ඔම්මගේ නළලට හාදුවක් තියපු මම ජැකට් එකයි අයිස් කප් එකයි දාගෙන ඉක්මනට අපේ පුංචි ගෙදරින් එළියට ආවේ දැනටමත් පරක්කු වෙලා තියෙන හින්ද කැෆේ එකේ අයිතිකාරගෙන් බැනුම් අහන්න බලාගෙනමයී.
මම කිම් ටෙහියුන් වගේම තමා ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක්. මගේ වසගම කිම් උනේ කොහොමද කියලනම් මම දන්නේ නැ. මොකද මම කවදාවත් මගේ අප්පව දැකල නැ. මතක ඇති කලේ ඉදලම මම හිටියේ මගේ ඔම්ම එක්ක. මන් පුංචි දවස් වලනම් අප්පා ගැන ඔම්මගෙන් ඇහුවට ඔම්ම කවදාවත් මට එකට උත්තරයක් දුන්නේ නැ. ටික ටික ලොකු වෙනකොට මමත් එක ඔම්මගෙන් අහන එක නතර කර. මොකද මන් ඕක අහන අහන සැරේ ඔම්ම මට මොකුත් නොකිය හිටියට රැට රැට එයා අඩනකොට එක කවද හරි ඔම්මම මට එක කියනකන් ඉන්න මම තීරණේ කර.
දේවල් කල්පනා කර කරම කැෆේ එකට එනකොට මම පැය බාගයක් පරක්කු වෙලා. මට මෙතනින් අස් වෙන්න බැ එහෙම උනොත් මට ආයේ ජොබ් එකක් හොයා ගන්න බැරි වෙනවා. කවුද කැමති මන් වගේ පොඩි එකෙක්ව වැඩට ගන්න.
" බලනවා වෙලාව අද තමුන් පැය බාගයක් පරක්කුයි. වෙලාවට වැඩ කරන්න දන්නේ නැද්ද?
ආයේ පාරක් මෙහෙම උනොත් මන් තමුන්ව මෙතනින් අයින් කරලා දානවා "" අනේ මට සමාවෙන්න සර් "
එහෙම කියපු මම අංශක අනුවටම නැවිල සමාව ගත්තේ මෙතන ජොබ් එක නැති උනොත් මයි මගේ අසනීප අම්මයි දෙන්නම පාරට වැටෙන හින්ද." ටේ ගුඩ් මෝනින් "
" ගුඩ් මෝනින් ජින් හියුන් "
" අයියෝ කොල්ලෝ මුණ දෙක කරන් ඉන්න එපා. ඔයා කිව්වට සර් ඔයාව එලියට දන්නේ නැ...... එයා ඕක හැමදාම කියනවනේ.. "
" එකනම් ඇත්ත හියුන් සර් හැමදාම ඕක කිව්වට කවදාත් ඕක කරේ නැනේ. එකනම් මගේ වෙලවාද කොහේදෝ "
" හරි හරි දැන් කොහොමද අම්මට. ඊයේ බෙහෙත් ගන්න පුළුවන් උනානේ "
" අනේ මන්ද හියුන් ඩොක්ටර් නම් කිව්වේ දිගටම බෙහෙත් ගත්තොත් සනීප කරන්න පුළුවන් වෙයි කියලා. කොහොමත් මග හරින්නේ නැතුව බෙහෙත් ඔක්කොම බොන හින්ද ඉක්මනට සනීප වෙයි "
" අපි හෝද විදිහට හිතමු ටේ. හරි හරි අපි වැඩ ටික කරමු නැත්තන් අර බඩගෙඩිය ඇවිත් අයෙත් කෑගහයි "
" හරි හරි හියුන් මන් ගිහින් ඕඩර්ස් අරන් එන්නම් "
" හ්ම්ම් "
ඇත්තටම මීට මාස තුනකට කලින් මන් ගොඩක් සතුටින්, නිදහසේ හිටිය එත් දවසක් මම ගෙදර එනකොට තමා එහගෙදර විල්බට් නන්දගෙන් දැනගත්තේ නිවාඩු හින්ද ගෙදර හිටමු මගේ ඔම්ම අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා කියලා...... එක දැනගත්ත ගමන් හොස්පිටල් ආපු මට දැන ගන්න ලැබුනේ මගේ රත්තරන් ඔම්මට හාට් එකේ ලෙඩක් තියෙනවා කියලා. ඔම්මගේ හාට් එක ගොඩක් දුර්වල වෙලාලු..... එහින්ද එයට තව දුරටත් මහන්සි වෙලා වැඩ කරන්න හොද නැ කියලා ඩොක්ටර් කිව්වා.
ඒ හින්ද ඔම්මගේ බලවත් අකමැත්ත මත මට සිද්ද උනා අවුරුදු 17න්ම ජොබ් එකක් හොයා ගන්න ඇත්තටම මට එක ලේසි උනේ නැ. තමා 18ක්වත් නැති හින්ද කවුරුත් කැමති උනේ නැ මට ජොබ් එකක් දෙන්න. අන්තිමේට ජින් හියුන් හින්ද තමා මට මේ කැෆේ එකේ ජොබ් එකත් හැම උනේ.
එත් මගේ ඉස්කෝලේ වැඩ වලට, ගෙදර වියදම් වලට, අම්මගේ බෙහෙත් වලට මේකෙන් හම්බ වෙන සැලරි එක මදි හින්ද මට සිද්ද උනා තව ජොබ් එකක් හොයා ගන්න. එක ගැන මන් ඔම්මට කිව්වේ නැ. කිව්වොත් ඔම්ම මට යන්න දෙන්නේ නැ. මොකද මට night time ජොබ් එකක් විදිහට හම්බ උනේ club එකක සින්දු කියන්න. මන් හැමදාම එතන ගිහින් සින්දු කිව්වේ මාස්ක් එකකින් මුණ වහගෙන අවුරුදු 18ක් නැති හින්ද නැත්තන් මට වගේම club එකේ අයිතිකාරයටත් ප්රශ්නයක් වෙන හින්ද.
YOU ARE READING
Endless Love(On Hold)
Fanfiction" උරුමකරුවෙකු බලාපොරොත්තු වන පියෙක් " " තමාව හැර ගියා ආදරවන්තය වෙනුවෙන් බලා සිටින තරුණයෙක් " " තමා මව වෙනුවෙන් ආදරය අත්හරින්න තවත් තරුණයෙක් " " සහෝදරයන් වැනි යහළුවන් සත් දෙනෙක් "