chapter 1

3 0 0
                                    

නිවාඩුවෙන් පස්සේ අද තමයි මන් ඉස්කෝලේ යන පලවෙනි දවස.. අහ්හ් මන් හේසු.. කිම් හේසු... මම ඉගෙන ගන්නේ නවය වසරේ...... ඉතින් මේ මගේ කතාව.

.
.
.
.
Hesu:-අහ්හ්හ් මොන මගුලක්ද මේක... මන් විතරද අතුගාන්න ඉන්නේ. කො මේ පන්තිය නාලාගනාවෝ ටික..... අහ්හ්
යූරා...

Yura:-අහ්හ් ඇයි බම්. මොකෝ උදේ පාන්දරම කැ ගහන්නේ. නිවාඩු පාඩුවේ ගෙදර ඉන්නකොට ඔලුවේ අමාරුවක්වත් හැදුනද....

Hesu:-උබත් මාව විහිළුවකට ගත්තද ඒ පාර... කොයි පන්තියේ අනිත් වු...... න්...

මගේ කටින් වචන පිට වෙන එක නැවතුනේ.. මන් දැක්ක දෙය නිසා නෙමෙයි කිව්වොත්,ඇත්තටම මන් වැරදියි..... එයාගේ කම්මුල් රෝස පාටයි... වැඩිය උස නොවුනත් එයාට තිබ්බේ ලස්සන දිගටි ඇස්. ඒවා නිල් පාටින් දිලිසි දිලිසි තිබුනේ.. එයා පන්තියට ඇවිල්ලා මගේ ඩෙස් එකට එහා පැත්තෙන් තිබුණු ඩෙස් එකේ බෑග් එක තියලා කොන්ඩෙත් හද හද පන්තියෙන් එලියට ගියා....හැබැයි ඌ දැක්ක ගමන් මට හිතුනේ හොම්බට දෙකක් දෙන්න. මේ මෝඩ තරවා මන් අතුගාපු කුණු ගොඩත් පාගාගෙනමයි ගියේ.....මන් ඇස් බෝල කර කර ඒ තාරාව දිහා බලන් ඉද්දි තමයි. මගේ මෝඩ Yura ගෙ කටහඩ අවදි වුනේ...

Yura:-ඒයී... තමුසේ උට ලයින්ද යකෝ....

Hesu:-මොන ලයින්ද.. දෙන්න හිතුනේ කොස්සෙන් එකක්... පීච් ගෙඩිය වගේ තිබුණු මූණ කුඩු වෙලා යන්න...

Yura:-අහ්හ් ඒ මොකෝ....

Hesu :-උබ දැක්කේ නැද්ද ඒ මෝඩයා කුණු ගොඩ පහගෙන ගියපු ලස්සන. අහ්හ්හ්...

Yura:-උබ කොහොමද බම් ඒ handsome කොල්ලට ඔහොම බනින්නේ....

Yura ගෙ කියවිල්ල අහන් ඉන්න බැරිම තැන මන් ඒ මැට්ටිගේ ඔලුවට ටොක්කක් ඇන්නා... එතකොට ම මොකෙක්ද බූරුවෙක් ඇවිල්ලා dustbin එකට කකුලෙන් හයියෙන් පාරක් ගහපු පාර.. පුරවලා තිබුණු කුණු ඔක්කොම විසිරිලා ගියා...

Hesu:-මොන..... ම...

මගේ වචන පැටලුනේ ඒ ඇස් වල තිබුණු කේන්තියට.... එයා මගේ ලගට එන්න පටන් ගත්තේ අතෙත් මොකක්දෝ තෙත් වෙච්ච පොතක් තියාගෙන...

Hesu:-... ඇයි.. ඇ.. ඇයි.. මේ.. මොකද ඔයාට වෙලා තියෙන්නේ...

එයා අඩියෙන් අඩිය මන් ලගට ලං වෙද්දී... මම අඩියෙන් අඩිය පිටිපස්සට ගියේ ජනේලය ලගටම ඇවිදිනුත්.. ඒ බව නොදැනෙද්දී....

friendzone (One side Love /Jimin fan fiction )Where stories live. Discover now