@present
A/N : prologue 02 ජිමින්ට කතාව කියන ගමන් ඉන්නෙ මේ...
"කැප්ටන් කියන විදිහට ඒ කියන්නේ කැප්ටන් ආයෙත් ඇස් අරිනකොට කිසිම කෙනෙක් පේන්න හිටියෙ නැහැ ."
"ඔව්...කිසිම කෙනෙක් මුහුද පැත්තට තිබුන අඩි සළකුණු කිහිපය හැර වෙන කිසිම දෙයක් , කෙනෙක් පේන්න හිටියෙ නැහැ . අනික මට එදා සිද්ද වුණ හැම සිදුවීමක්ම හරියටම මතක නැහැ . මට ගෝල්ඩිව හම්බුණා . ඊට පස්සේ මම ඔහුව වෙරළට අරං ආවා . ඔහු සටන් කළා . ඒ හැර වෙන දෙයක් මට මතක නැහැ . එදාවුණ දේ කොච්චර මතක් කරන්න උත්සහ කළත් මට මතක් වෙන්නෙම නෑ... මට හිතෙනවා මගේ මතකයේ රැඳිය යුතුම දෙයක් මට දැන් මතක නැහැ කියලා...සමහරවිට ගෝල්ඩි ආයෙත් මම අකමැතිම දේ කරලා."
"මොකක්ද කැප්ටන් ? "
මගේ මතකය...මගේ මුරණ්ඩු මල ආයෙත් මගේ මතකය මකලා දාලා ."
තමා අතෙහි තිබුණ Goldie යනූවෙන් සඳහන් කර තිබුන අත් පළඳනාව පිරිමදිමින් කැප්ටන් මිමිණුවා.
"එයා එහෙම කළා නම් ඒ හේතුවක් ඇතුව වෙන්න පුලුවන් කැප්ටන් . මට ඔබතුමා ගැන කණගාටුයි නමුත්...ඔබ දෙදෙනාට එහෙම උරණමක් අත් නොවෙන්න තිබුණා."
"එපා...කාගෙවත් අනුකම්පාවක් ලැබෙනවට මම කැමති නැහැ ජිමින්. ඒ පුද්ගලයා ඔබ වුණත් . ඉතින් මම දැන් මගේ කතාව ඔයාට කිව්වා . මම හිතනවා මේ කතාව මෙතනින් එහාට වෙන කිසිම කෙනෙකුගේ කණකට නොයාවි කියලා...එච්චරයි මට විය යුත්තේ..."
"කැප්ටන්ට පුලුවන් මගේ ජීවිතය ඇපයට තියලා මාව විශ්වාස කරන්න ."
කැප්ටන්ගෙන් කුමන හෝ ප්රතිචාරයක් බලාපොරොත්තුවෙන් ජිමින් එහෙම කිව්වත් ගත වුණ අවුරුදු තුන පුරාවටම වගේ අදත් ඔහු ජිමින්ට ප්රතිචාර දැක්වූයේ නැහැ .ඒ වෙනුවට හිස් වූ රම් බෝතල් දෙකද රැගෙන ඔහු සාගර රළ ගෑවී නොගෑවී යන වෙරළ තීරය දිගේ ගමන් කරන්නට වුණා...
ඉතින් මේ තමයි කැප්ටන් . අවුරුදු තුනකට වැඩි කාලයක් පුරාවට ඔහු හිතේ හිරකරන් හිටිය ඔහුගේ කතාව අද තවත් කෙනෙක්ට කියපු එකට ඔහුට යම් අතකින් සහනයක් වෙන්න ඇති . නමුත් ඔහුව අහන් හිටියට , ඔහුගේ කඳුළු කතාව අහන් හිටියට ස්තුති කරනවා වෙනුවට ඔහු කළේ ඔහුව අසා සිටි ඒ කෙනාට විධානයක් ලබාදී ඔහුගෙන් ප්රතිචාර බලාපොරොත්තු නොවීම පිටවුණ එක . ගුප්තයි නේද ? සමහරවිට කැප්ටන් ඔහු තුළින් ඔහුට මඟ හැරුණ ඔහුගේ මුරණ්ඩු මල හොයනවා වෙන්න පුලුවන් .
YOU ARE READING
Our Destiny
FantasyEnduring in the presence of your beauty is like standing at the peak of a blazing volcano...But trust me love , I will pierce your heart as softly and deeply as the melody of a distant flute... - goldie's...