Part 1

32 2 0
                                    

" මොනාද බන් දැන් කරන්න හිතන් ඉන්නෙ උඹ.."

මතීෂය අහද්දි තමා මම ෆෝන් එකෙන් මූණ ඉස්සුවෙ..

" ටික කාලයක් බලලා වෙන කෙල්ලෙක් හොයාගන්නවා "

මම හිතට ආපු අදහස ගාණක් නැතිව කියලා දැම්මා.. එකක් මත්තෙ නහින්න තරම් අමාරුවක් නෑනෙ..

" ඉදකින් බම්ලො.. අඩුම ගාණෙ මම ඇහුවෙත් ඒක ගැන නෙමෙයි "

" ඒනම් "

ඌ ඒම කීවාත් මට එච්චර ගාණක් වුණෙ නෑ..

" අඩුම උඹ කැම්පස් යන්නවත් කැමති වුණෙ නෑ.. උඹ කෝමත් ඉතිං ඒලෙවල් කරද්දිම ඩිග්‍රි ගහලු එක වෙනම කතාවක්.. කොහොමහරි ඒ කට්ටත් මම දැන් තනියෙන් කන්නෙ.. දැන් දිගටම උඹ තාත්තාගෙ බිස්නස් වලට හෙල්ප් කරන්නද හිතන් ඉන්නෙ... "

" ආ නෑ නෑ බන්... බලමුකො.. ප්ලෑන් එකක් තියෙයි "

ෆෝන් එකට මූණ ඔබාගෙන මම කියලා දැම්මා..

" මේ පාර අළුත් බැජ් එකෙන්වත් උඹ කෑල්ලක් හොයාගනින්කො.. "

මම ආයෙම කීවෙ මතීෂයා දිහාට කින්ඩි හිනාවක් දාගෙන.. ඌ මොනාහරි කියන්න හැදුවාත් එවෙලෙම වගේ මට කෝල් එකක් ආවා..

" හෙලෝ කියන්න බබා "

එහා පැත්තෙන් කතා කරන්න කළින්ම මම කතා කළා...

" මට ශොපින් කරන්න යන්න ඕනි.. ඔයාට එන්න පුළුවන්ද "

ආයෙම වතාවක් මේකි මගෙ පොකට් එකට කෙළින්න හදන්නෙ.. ම්ම් නැතත් අද කොහොමටත් මට මූඩ් එකක් නෑ..

" අද නම් එන්න වෙන්නෙ නෑ.. මට ඔෆිස් එකට යන්න වෙනවා "

මම ඒම කියද්දි එහා පැත්තෙ ඉදන් මතීෂයා කටවහන් හිනාවෙනවා.. ඌ කොහොමත් දන්නවා ක්‍රිෂ්ට මම බොරුවට ආදරේ නොකළට මේ ලව් එක හින්දා හෙම්බත් වෙලා ඉන්නෙ කියන්න.. ඒත් සෙල්ලක්කාරකමට මොනා කීවාත් මට තාමත් එයා අතාරින්න හිතක් නෑ..

" මොකක්ද බබා.. ඔයාට මම කීවාම තමා අර වැඩයි මේ වැඩයි ඔක්කොම මතක් වෙන්නෙ.. ඇයි තමුසෙට ඉන්නවාද කොහෙහරි සක්කරවට්ටමක්.. මාව මග අරින්නෙ "

" කියවන්න තියාගන්න එපා ඕයි.. කරුමයක් නෙ "

මේ කෙල්ලො කියන ජාතියනම්.. ආපො වේලාවකට හිතෙනවා කොල්ලෙක් ම බැදගන්න.. කංකරච්චලේ වත් නවතී නම්.. ඒ අස්සෙ එක එක කොල්ලො මවාගන්න හදද්දි ඔළුව දෙපැත්තට ගසලා මම හරි සිහියට ආවා..

සදාකල්... සුවඳයි ආදරේ🩶🥀Where stories live. Discover now