" අයියා අද කොහෙද ඉන්නෙ "
වැදලා මාළිගාවෙන් එළියට ආවා ගමන්ම වගෙ අහනවා..
" මතීෂයලා එක්ක.. උන්ගෙ බෝඩිමට යනවා"
" හ්ම්ම් "
" මේ ඕයි.. ඔයාගෙන් දෙයක් අහන්න හිටියෙ මම "
" මොකක්ද "
" ඉෂන් එක්ක යාළුවුණෙ තමුසෙට වෙන එකෙක් හිටියෙම නැද්ද ඕයි "
ගැස්සුණා එකපාරටම ඒකි.. මම කවදාවත් ඌ ගැන නිවිලා කතා කරලාත් නෑනෙ.. මතක් කරොත් තරහ යන චරිතනෙ උන්.. ඕකා පොඩි කාලෙ ඉදන් මේකි වටේ කැරකෙන්නෙ.. වෙන උන් නැතිව වගෙ..
" මටත් අහන්න තියෙන්නෙ ඔයාගෙනුත් ඒ ප්‍රශ්නෙම තමා "
මුමුණලා කීව වුණත් මට හොඳටම ඇහුණා ඒක.. ආයෙම මුකුත් නොකියා හිටියෙ මම කේන්ති ගියහම ඕකිමයි බැනුම් අහලා අඩන්නෙ කියලා දන්න නිසා..
" අයිස්ක්‍රීම් එකක් ගමුකො හලො "
ඔක්කොම දේවල් අමතක කරලා පොඩි එකෙක් වගෙ ඉල්ලද්දි මටත් හිනා. එක්නන් ගියා ඉතිං..
අයිස්ක්‍රීම් එකකුත් අරන් දෙන්නා එක්කම හැදුවෙ ආයෙම යන්න.. මොකද තවත් හවස් වෙනකම් ඉන්න විදියක් නෑ නංගිට..
" ඒ ඉඳාන්.. දුවන්නැතිව "
මම ඉක්මනට ශේන්යාගෙ අතින් අල්ලගත්තා.. නැත්නම් මම දන්නැද්ද මේකිගෙ හැටි.. ඉන්නෙ කොහෙද යන්නෙ කොහෙද සිහියක් නෑනෙ.
" තමුසෙ නම් හෙන වදයක් ඕයි.. බලනවාකො.. මේම එල්ලන් ගියාම කෙල්ලො සෙට් වෙන්න තියා හැරිලා බලන්නෑ "
එහෙම කීවාට ඉතිං මම අපි වගෙ හැන්ඩි කොල්ලො දැක්කාට කාටද අහක බලන් යන්න හිතෙන්නෙ..
" ඇයි තැමුසෙගෙ අර ක්‍රිස්නි බබී "
මට හිනායන්න ආවාත් රවලා බැලුවා විතරයි.. පුදුම ඊරිසියාවක් ඒක.. එයා ඊරීසියාවෙ පුපුර පුපුර රතුවෙලා ඉද්දි එවෙලේම ආපු කෝල් එක මම ආන්සර් කළා..
" හම්මෙ මතක් කරද්දිම ක්‍රිස්නි බබාද හලෝ "
නංගි අහද්දිම ඒකිටත් රවලා මම ෆෝන් එක ආන්සර් කරෙ වාහනේට නගින ගමන්..
YOU ARE READING
සදාකල්... සුවඳයි ආදරේ🩶🥀
Romanceකියවලාම බලන්න.. විශේෂම දේ තමා.. සදාකල් සුවඳයි ආදරේ විතරක් නෙවෙයි.. සදාකල් මිහිරියි ආදරේ කියලා එකකුත් දානවා.. ඒ කතා දෙක එක තැනකින් එකතු කරලා තුන්වෙනි කතාවක් එනවා සංසාරගත ආදරයක් කියලා.. 💗