කාලය ගෙවිලා යන්නෙ පුදුම තරම් වේගෙන්.දවස් ගෙවෙනවා දැනෙන්නෙත් නැති තරම්.දොලහ වසර ගෙවිලා ඉවර උනේ ඊයක තරම් වේගෙන්.ඒ උනාට අද ඊයෙක දොලහ වසරට ආවා වගේ දැනෙන්නෙ.මොනා කරන්නද ඉතින් කාලය කියනෙක අල්ලලා නතර කරන්නයෑ.
හයේ හතේ ඉද්දි මට ඕන උනේ ඉක්මනට ලොකු වෙන්න.ඉස්සර ඉස්කෝලේදි දකින ලොකු අක්කලා වගේ වෙන්න.එයාලා වගේ දිගට කොන්ඩෙ ගොතන්න,ශිශ්‍ය නායිකාවක් වෙලා අනික් අයට අණ දෙන්න.ලොකු වෙන්න ලොකු වෙන්න ප්‍රෙෆෙක්ට්ස්ලා කියන්නෙ මලවාත කියලා තේරුනාට ඉස්සර ඒ ගැන කිසිම අදහසක් නැති කාලේ පොඩි අපිට ඒවා මැජික්නෙ.
ඒත් දැන්..හම්මේ ඒ දේවල් හිතුවෙ මමමද කියලා හිතෙන තරමට දේවල් වෙනස් වෙලා.මන් පරිණතයි කියන්නෑ නමුත් ඉස්සර හිතපු දේවල්,ඒ අදහස් කාලෙත් එක්ක සෑහෙන්න වෙනස් වෙලා.ඉස්සර කවුරුහරු පුතා ලොකු වෙලා කවුද වෙන්නෙ කියලා ඇහුවම ඩොක්ට කෙනෙක් ඉන්ජිනියර් කෙනෙක් කියලා හෙන සතුටෙන් කිව්වට මට දැන් ඕනෙ කාටවත් කරදරයක් නොවී මගෙ සතුට තියෙන තැන නැවතෙන්න.මගේ සතුට තියෙන්නෙ පොඩි පොඩි දේවල්වල.ඒකෙන් කියවෙන්නෑ හැමෝගෙම සතුට තියෙන්න ඕනෙ පොඩි තැන්වල,දේවල්වල කියලා.කෙනෙක්ට පුලුවන් එයාගේ සතුට ලොකු ලොකු තැන්වල,දේවල්වල රදවන්න.ඒක කොච්චර හොදයිද. එතකොට එයාට පුලුවන් තව ටිකක් මහන්සි වෙලා එයාගෙ සතුටට ලන් වෙන්න.නමුත් මේ මන් කියන්නෙ මන් ගැන!
පාන්දර හතරට විනාඩි දහයයි.පොත දිහා බලන් හිටියට අවධානේ තිබිලා තියෙන්නෙ වෙන කොහෙද කියලා මට තේරුනේ ෆෝන් එක වයිබ්‍රේට් උන නිසා.
අන්නෝන් නම්බර් එකකින් කෝල් එකක්.
මේ වෙලාවට කවුද අදුරන්නැති මිනිස්සුන්ට කෝල් කරන්නෙ? කට් කරලා දැම්මා.මොකට ආන්සර් කරනවද අදුරන්නැති නම්බර්ස්.හුස්මක් අරන් ආයේ පොත දිහා බලන්න ගියා විතරයි ආයේ රින්ග් උනා.මොන මල දානයක්ද මේ.ෆෝන් එක ඕෆ් කරන්න ගිහිල්ලත් ආයේ කමක් නෑ කියලා ආන්සර් කරා.කවුරුහරි බොරුවට ගන්නවමයි කියලා තමා හිත කිව්වෙ.ඉස්සර මායි අවිනාශුයි අපේ නැන්දිගේ ෆෝන් එකෙන් අදුරන්නැති නම්බර්ස් වලට කෝල් ගන්නවා.හෙලෝ අමර සාමා ඉන්නවද? තිස්ස මුවා ඔහෙට ආවද?ඉශි අම්මා කෝ රමන්? ඔන්න මායි අවිනාශුයි ඒ නම්බර්ස් වලට අරන් අහන මෝඩපහේ ගොන් ප්‍රශ්න.
YOU ARE READING
නෙත්මානෙම
Romanceමන් නුඹෙ නෙත් මානෙම ඉන්නම්... මුව සරසන් සුසුමක් ගානේ හිදීනම්... Started date - 26/03/2024 End date - ? A non fiction (gxb) -ධාරා- ☁️💛