first and last chapter ❤‍🩹

125 13 8
                                    

ගැනු උන් හරි පව්... කසාද බැදලා ළමයි ඉන්න ගැනු කොහොමත් පව්... උන් කාල සටහනකට වැඩ... උදේට කාලි අම්මා වගේ අත් කියක් ඕනේද සේරම ඉවර කරලා වැඩට යන්න..

එතකොට පිරිමි.. උන් දන්නේ තේ එක ළගට ගෙනත් දෙනකන් නිදා ගන්න එක ඒ ගෙනත් දීලත් පීපන් කියලා ගැනී මැරෙන්නේ නැති ටික විතරයි...

හැබැයි ඒ ගැනුයි මේ ගැනියි වෙනස්...

උන් උදේම නැගිටලා උයන්න යද්දී මන් යන්නේ නාගන්න...

උන් හොද්ද ලිපේ තියලා තව වැඩක් කරද්දී මන් නාගෙන ඇවිල්ලා සරාගී සළු ගත ලා ගන්නවා.....

උන් ළමයි ඇහැරවලා උන්ගේ වැඩ කරද්දී මන් මැරිච්ච ඇස් වලට පන දෙන්න අදුන් ගල්වනවා... වේලිච්ච් තොල් නා දළු පාට කරනවා....සුවදක් නැති ජිවිතේට සුවද විලවුන් ඉහගන්නවා....

උන් කසාද මිනිහා ඇහැරවද්දී මන් කසාද ගැනිව දාලා ආපු මිනිස්සු එක්ක නිදි වදිනවා.....

මිනිස්සු හැමෝටම එක වගේ නෑ....

ආදරේ විදපු නැති මිනිස්සු ආදරේට ගැරහුවා කියලා මොකද වෙන්නේ....

" ශීනා.. කෝ උබ ආන් අද උබේ දවස හොදා උදෙන්ම නාකි මොනරෙක් ඇවිල්ලා... සල්ලි කදක්... වැඩි මහන්සියක් ගන්න ඕනෙත් නැනේ... "

" එවන්න.. "

තුහ් නාකි හැත්ත උන් ඔකොටම හපන්... පිනක් දහමක් කරන්න ඕන උන් මේකේ අස්සේ ලගිනවා..

තව උන්ට ඩැඩී කියන්නත් ඕනේ...අපි ඕකුන්ට මොන දේවල් කිවත් අපිට හිමි වෙන්නේ..

පට්ට බැල්ලි... වේ*ස ගැනී.... වගේ හරි ආදරණිය වචන...

" මන් එන්නද "

" ඇතුලට එන්න සර් "

ඇතුලට ආවේ වයස 60 ක විතර මිනිහෙක්... වටේ කෙස් මැද හිස් තට්ටයෙක්... ඇහි පිහාටුවේ ඉදන් සුදු වෙලා... අප්පිරියයි,

" උබ හෙන හැඩයිනේ කෙල්ලේ... "

පටන් ගත්තා.. මගේ රස්සාවත් එක්ක කර්යබහුල වෙන්න....

රුපියල් හත්දාහක් පැයක් නැහුනට... නාකින්ව සතුටු කරන්න පැය බාගයක්‌වත් යන් නෑ....

හරි හමන් හයි හක්තිය තියන පිරිමියෙක් ආපු දවසට මේ පැය දෙගුණ තෙගුණ වෙනවා වගේම
හත්දහාත් වැඩි වෙනවා.....

නිර්නාමික ~~ONE SHOT ||completed Where stories live. Discover now