ගිය මාසෙ ඔකේස්රා එකේ වැඩත් තෙක්කයි වාර විභාගයි තෙක්ක මං මාර විදියට බීසි වෙලා හිටියේ.ඔකේස්රා තරග හින්දා ගිය මාසෙම එක දිගටම වගේ ප්රැක්ටිස් තිබ්බා.ඒ අස්සේ වාර විභහගත් වැටුන හින්දා බාගෙට පිස්සු හැදිලා හිටියේ.හැබැයි පාඩම් කරලා හැම විශයකටම පනස් ගනන් වලින් යාන්තන් කියලා ගොඩ දා ගත්තා.තරග වලින් සමස්තලංකා වස්ට් ආවේ අපි.වැඩ පාඩු කරන් කරපු එකෙත් වැඩක් තියෙන්න එපෑ.ගිය මාසේ ක්ලාසුත් ගොඩක් කට් වුනා.නෝට් ටිකනම් ඉල්ල ගත්තා.
"හායි....ටිකක් පරක්කු වුනා......"
අද බයෝ ක්ලාස් තිබ්බා.ක්ලාස් ඉවර වුන ගමන් අරැන් දෙන්නා මාවත් ඇදගෙන ළග තිබ්බ කැෆේ එකට ආවා.මේකට එන්නේ ඉතින් අර දෙනෙත්ලව හම්බ වෙන්න.මලින්ශා හින්දා අපි එයාලත් තෙක්ක මාර විදියට ෆිට් වුනා.මං කලින් කොල්ලොන්ව ආශ්රය කරලා නෑ හැබැයි.එයාල මාර හොදයි.අපේ වයසේ.මාර ෆිට් එහෙකින් කතා කරන්නේ.මට දවසයි දෙකයි කැෆේ එකට යන්න පුලුවන් වුනේ.මෙවනිනම් හැමදාම ගිහිල්ලා තිබ්බා.
"ඔයාලා මොනාද බොන්නේ."
"තව ටිකකින් ඔඩර් කරමු අනිත් අය තාම නෑනේ.."
ටික වෙලාවක් ගිහිල්ලා කට්ටිය ආවා.මෙවනිත් පොඩ්ඩක් එලියට යනෝ කියලා ගියා.මං ඉතින් එයාලා එන දිහාවට හැරිලා ලොකු හිනාවක් දාලා අත වැනුවා. එයාලත් ඉතින් මනුස්සකමට හිනා වුනා.හැබැයි එකෙක් හැර.අර චෙහාන් කියන එකා මාව දැක්ක ගමන් බය වෙලා වගේ නැවතිලා ඇස් දෙකක් ලොකු කරන් පුදුම වෙලා වගේ බැලුවා.මූනත් රතු කරගෙන.එතකොට හැබැයි පොඩි හාවෙක්ගේ ලූක් එකක් තියෙනෝ. ඒකටනම් හිනා යන්නත් ආවා.මූනේ රතු ගතිය තාම අඩු වෙලා නැ.මගේ මූනවත් බලන්නේ නැතුව ඇවිල්ලා වාඩිවුනා.මං වැරදි දෙයක්වත් පෙන්නුවද.නැනේ නිකන් අත වැනුවා විතරනේ.රතු කරන් දගලන්න දෙයක් වුනේ නැනේ.මූ හිතුවද දන්නැ මං මූට කරදරයක් කරන්න හැදුවා කියලා.පිස්සුද මන්දා...මූ මං ආපු මුල් දවස් ටිකෙත් මාව දැක්ක ගමන් ගැස්සෙනවා. නැත්නම් බිම බලාගන්නවා.මාව සතපහකට ගනන් ගන්නෙත් නෑ.හෙන ලොකු කමද කොහේද.අනිත් අයනම් මාර හොදයි.අනික මටත් පිස්සු ඔලුව ලොකු එවුන් එක්ක කතා කරන්න යන්න.
![](https://img.wattpad.com/cover/374833402-288-k843434.jpg)