මම්පච්චි - 1

84 7 0
                                    

සෙනඟ අතරින් කලබලෙන් බසයෙන් බැස ගත්ත ඇය *** බන්ධනාගාරය ඉදිරිපිටට ගොස් ගැඹුරු හුස්මක් පිට කරේ ඇය හමුවීමට යන අපරාධකරු ගැන සිහියට නැගුණ නිසාවෙනි..

මෙහි සිටින දරුණුතම සාහසිකම අපරාධකරුවකු ලෙස නම් දරන ඒ සිරකරු සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහාම පමණක් ඇය එහි පැමිණි ප්‍රථම වතාව මෙය නොවේ.. එනිසාවෙන්ම ඇගේ සිතෙහි එම සිරකරු පිළිබඳව තිබූ චකිතය යම්තාක් දුරකට පහව ගොස් තිබුණත් පෙරදින බන්ධනාගාරය තුළ සිදුවී තිබූ සිදුවීමක් හේතුවෙන් ඇය සිටියේ තරමක් බියෙන්.. අද දින සිදුකිරීමට නියමිතව තිබූ මෙම සාකච්ඡාව අවලංගු කිරීමට ඇයට අවශ්‍ය වුවත් ඇයට ඒ සඳහා ඉඩක් නොලැබුණේ එම සිරකරුගේ අදහසකට අනුවයි..

බන්ධනාගාර නිලධාරින් පවා මේ ගැන සිටියේ දැඩි තැතිගැන්මකින්.. මක් නිසාද යත් පෙරදින උදෑසන සිදුවූ ගැටුමක් හේතුවෙන් මෙම සිරකරුට බරපතල හානි සිදුවී තිබුණද ඊට එරෙහිව කිසිම ප්‍රතිචාරයක් මෙම සිරකරුගෙන් දිස් නොවීමයි.. කෙසේ නමුත් ඇය සම්මුඛ සාකච්ඡාවට සහභාගී වීමේදී ඇයට ආරක්ෂාව ලබා දීමට ඔවුන් තීරණය කර තිබුණා..


















එහෙත් එම සිරකරුගේ සිතේ තිබෙන අදහස දැන සිටියේ එම සිරකරුම පමණයි..



















°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

අනාථ තරුණියක් වුණු මන් මේ අනාථ නිවාසෙට එන්න කලින් මට හිටිය එකම නෑදෑයා වගේම බාරකාරයා වුණේ  මගේ අම්මා.. එයාගෙ හදිසි මරණයෙන් පස්සෙ මට වුණේ මේ අනාථ දරුවෙක් විදියට මේ අනාථ නිවාසෙට එන්න.. ඒ මට ‍යන්තම් අවුරුදු 2ක් පිරෙද්දි.. ඒක නිසාම මට මගේ අම්මගේ චායාවක්වත් මතක නැති වුණත් අම්මගෙයි කියලා තියෙන දේවල් අතරින් මගේ අම්මා විතරක් ඉන්න එකම පින්තූර කෑල්ලත් එක්ක මන් තනියම කතා කරන්නෙ මගේ අම්මට මාව ඇහෙනවා ඇති කියලා හිතාගෙන.. එයා තරුවක් වෙලා මන් දිහා බලාගෙන ඇති.. හැමදාම රෑට අහස බලන මන් හිතන්නේ එහෙම.. බොළඳ ඇති.. ඒත් එහෙම නැත්තං මන් කොහොම කියලා හිත හදාගන්න ද..

මම්පච්චි Where stories live. Discover now