'ඇත්ත ජීවිතේ දෙන්නෙක් එයාලගෙ අනාගතේ ගැන ප්ලෑන් කරන වෙලාවක එයාලගෙන් කෙනෙක් අතින් කියවුණු වචනයක් තමයි මම්පච්චි කියලා කියන්නේ..
දවසක් ඒ දෙන්නා කතා වෙනවා එයාලගෙ දරුවන්ට තමන්ව හඳුන්වන්නෙ කොහොමද කියලා.. ඒ වෙද්දිත් එතන ඉදපු චූටි ආදරවන්තිට අම්මෙක් වෙන්න ආසවක් තිබ්බට එයාගෙ පිරිමි පෞරුෂයක් තිබ්බ නපුරු ආදරවන්තියට එහෙම කිසිම අදහසක් නැති නිසාම මේ චූටි බට්ටිට හිතිලා තියෙනවා තමන්ට අම්මෙක්ගෙ වගේම අප්පච්චි කෙනෙක්ගෙ ආදරේ දෙන එයාගෙ සීතල ආදරවන්තියට එයාලාගෙ දරුවෝ මම්පච්චි කියලා කිව්ව්ට පව් නෑ කියලා.. ඉතින් ඔන්න ඔය වචනෙ තමයි මේ කතාව ලියන්න පාදක වුණේ..'
(අවුරුදු 12ක ආදර කතාවකට පස්සෙ ඒ දෙන්නට ගෙවල්වලින් ආවා ලොකු ලොකු ප්රශ්න නිසාම වෙන් වෙන්න සිද්ධ වුණත් ඒ දෙන්නගෙ ඒ හොර රහස් කතා වගේම ඒ කතාවත් ලඟින්ම දන්න කෙනෙක් විදියට මට ඒ වචනෙට පණ දෙන්න ඕන වුණා..)
මන් හිතනවා මන් ඒ වචනෙට අගෞරවයක් කරේ නෑ කියලා.. වැරදි තියෙනවා නම් මට සමාවෙන්න..
° මන් තාමත් සර්ජරි එකෙන් රිකවරි වෙන ගමන් ඉන්නෙ.. ඉක්මන් සුවය ප්රාර්ථනා කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි. ගොඩාක් පින්🙏 .ඉතින් ඉක්මනින් ආයෙම හම්බවෙමු.. 😘❤️
° මන් ඔයාලාගේ චූටි ඕතරී Xinu Dian 💓