1 කොටස "රීසාල්ට්ස් ඇවිල්ලා"

3 0 0
                                    

සුධීක්ශා ඇය යුවතියක්.  ඇය රෑමත් . ඇයගේ කැරලි  දිගු කොන්ඩය ඇගේ රෑමත් බව තවත් විදහා පාන්නේ ඇයව අප්සරාවියක් බවට පත් කරමින්.

පවුලේ වැඩිමල් දියනිය වන ඇය තම මව සහ සොයුරිය සමග ආදරණියව දිවිගෙවන්නේ උසස් පෙල අවසන් කරමින් පාසල් දිවිය නිම කල සරසවි වරම් සිහින පොදි බැදගෙනය.

ඇගේ සුරතල් නම සුධීය...

" සුධී .... ඒයී... සුධී" ඇය විහාරාය සුධී ගේ ලගම හොදම යෙහෙලියයි.

"මොකද කෑගහන්නේ"

"උබ මොන ලෝකෙද ඉන්නේ ආන් රිසාල්ට් ඇවිල්ලාලු..හෙට උබ ඉස්කොලේ එනවකෝ .. සප්‍රයිස් එකක් තියේ.."

"" ඒ මොකක්ද ඒ "" සුධික්ශා පුදුමයෙන් ඇසිය.

"ඇවිල්ලම බලන්නකෝ"

"හාකො"

අම්මගේ හඩ කුස්සි මුල්ලෙන් දෝංකාර දී ඇසේ " ඒයි ලමයෝ ඒ විහාරා ලමයා නේද මොකෝ කිවේ?"

"විභාගේ ප්‍රතිපල ඇවිල්ලාලු අම්මේ හෙට ඉස්කොලේ ට යන්න ඕනේලු"

උදෑසන ගමට එක්කරන්නේ වෙනම සිරියාවක්. කුබුරේ ගොයම් සුලගට සෙලවෙන විට එන සද්දේ කුරැල්ලන්ගේ සංවාදයන් උදෑසන වෙනම එහි වෙසෙන මිනිසුන් වෙනම  ලෝකයකට ගෙනයනවා .

පිරිත් හඩ මැද්දෙන් සුධික්ශා ගේ පාසල් සපත්තුවේ හඩ ටක්ස් ටක්ස් ගා ඇසේ.

" අම්මේ "

ඇය දණින් වැටි මවට නමස්කාර කරන්නේ මව තුල තමා සතුව ඇති ආදරය පුරවාගනිමින්

"දලදා හාමුදුරැවන්ගේම පිහිටයි මගේ කෙල්ලට"

එවිටම විහාරාගේ හඩද ඇසේ ..

" ඒ .... සුධි එනෝ හොදටම පරක්කු වෙලා"
"මං එනවා ඉන්න ටිකක්"

අම්මාගේ කම්මුල මත සියුම් හාදුවක් තබමින්

"මං ගිහින් එන්නම්කෝ අම්මේ"

"පරිස්සමින් මයි කෙල්ලේ"

යාලුවන් අතර කතා බස් කියන්නේ ඔහේ යන වල්පල් නේ.

ඉතින් මේ දෙන්නා ඉස්කොලේට යනකන් ම එමම තමා.

" ...මේ .. සූධි"

"හුම්ම්"

"අපි දෙන්නම එකම කැම්පස් එකට යන් හොදේ"

"හා ...හා"

" මොකෝ බං මුසලි වගේ ඉන්නේ හිනාවෙයම්කෝ"

"අපි පාස්වෙලා තියේද"

"තියේවී"

ඔවුන්ගේ කතාබහ කොතරම් දිගද යත් ඔවුන් පාසලට එනවිට ඔවුන්ගේ කතාව එවිටත් හමාර නොවී තිබුනි.

සුධික්ශා ගේ සිතේ තමා විභාගය අසමත් වුනිදැයි බියක් තිබු නිසා ඇය ප්‍රතිපල බැලිමට පවා මැලි කමක් දැක්විය.

"උබ එන්නැත්තම් මං බලන් එන්නම්කෝ"

විහාරා දෙදෙනාගෙම ප්‍රතිපල බැලිමට ගියේ හීයක වේගයෙනි..
ඒවිටම ඇය සුධි හමුවිමට පැමිනියේද එම වේගයෙනි .

".ඒයි...."

"ඇයි ෆේල්ද"

"උබ.....හී හී හේ .. උබත් පාස් මාත් පාස් අපි දෙන්නම කැම්පස් සිලෙක්ට්😊"

ඇය නිවසට ගියේ ඉමහත් සතුටක් හිත තුල පුරවාගෙනය...

"අම්මේ ... අම්මේ...."

"මගේ කෙල්ලගේ මුනේ හිනාවෙන්ම මට තේරේනවා" ඇය එම වචන පැවසුවේ ඇස් වල සතුටු කදුලු පුරෝගනිමින්

" අම්මේ මං විභාගේ පාස් මං කැම්පස් තේරැනා"

"මගේ කෙල්ලට වරදින්නේ නැ කවදාවත් මයේ කෙල්ල හැමදාම මේ වගේ හිනාවෙලා සතුටින් ඉන්න ඕනි"

අවාර පෙම් මල් /Awara pem malWhere stories live. Discover now