2 කොටස

1 0 0
                                    

සුධී ගායනයට බෙහෙවින් ඇලුම් කලාය..

ඇගේ මවත් ගායනයට දක්ෂ වුවත් පවුල් පසුබීම නිසා ඈට ඇගේ ගායන හැකියාවෙන් ඉදිරියට යාමට නොහැකි වුණේ ආර්ථික දුෂ්කරතා වගේම ඇයගේ පියා තමන්ගේ විවාහය ඉක්මන් කල නිසාවෙනි.

සුධීට නැගණියක් සිටී ඇය නමින් සයුරීය ඇය ශිෂ්‍යත්වයෙන් පසු යන්නේ නගරබද පාසලකටයි. ඇයව පවුලේ අය්ට මුණගැසෙන්නේ දීර්ඝ පාසල් නිවාඩුවකට පමණි. අමතර වියදම් සියල්ල ඉස්කෝලේ මහත්තයාගෙන් පියවෙන නිසා.. සුධිගේ පවුලේ සියලු දෙනා ඔහුට සලකන්නේ දෙවියෙකු මෙනී..

ඔහු නමින් නන්දන මාරසිංහය. ඔහුගේ නෝනාත් එම පාසලේම ගණිතය උගන්වන  ගුරැවරියකි. ඔවුන්ගේ එකම දියණිය පොලිස් මහත්තයෙක් සමඟ විවාහ වී කොළඹ ගියාය.

ගමේ ලාල් මුදලාලී ගමේ ප්‍රකට චරිතයයි. ඔහු ගමේ පොහොසතාය. ඒ වගේම කුණාය. ඔහුගේ පුත්‍රයා තම ඉඩමේ පොල් වෙළඳ පොළට විකුණයි. ඔහු නමින් තරංගයි.  ඔහු ගමේ සල්ලාලයාය. කොටින්ම කිවොත් ගෑණු පෙරේතයාය.. ඔහුට අසුවී ජිවිතය විනාස කරගත් අනෙක් ගම්වල කෙල්ලෝ ඕන තරම්ය.. ඔහුගේ මාමා පලාත් සභා මන්ත්‍රී නිසා තරංගට විරැද්ධව කවුරැත් ඉදිරියට එන්නේ නෑ. කොටින්ම කිව්වොත් මුදන්නායක මන්ත්‍රී තුමා විදිහටම තමා තරංග හැදීලා තියෙන්නේ.

තරංග සුධික්ෂාට බැල්ම හෙලන්න පටන්ගත්තේ සුධික්ෂා වැඩි වියට පත් වු දා සිටය . සුධි ගේ රැවට කාටත් හිත යනවා. මොකද ඇය එතරම් ලස්සනයි.. පියකරැයි..

තරංගගෙන් එන ආරාධනා වලට ප්‍රතිචාරය ලබාදෙන්නේ බොහෝ දුරට විහාරාය. ඒ අසල ඇති ගලකින් හෝ තම පාසල් බෑගයෙනි. හොස්ස ලඟින් මැස්සා යන්න බැරී හොඳම කේන්තියක් ඇය සතුය.

සමහරවිට සුධිගේ පියා අලි රැලට හසු නොවී ජිවතුන් අතර සිටියානම් සුධිගේ ඉගෙනිමට වඩා ඔහු ඊට කලියෙන් ඇයව තරංගට විවාහ කර දීමට තිබුණා. මොකද ඔහු මන්ත්‍රීගේ බලු සේවක වු නිසාය..

ප්‍රතිපල ආ දා රෑ සුධී ගේ නිවසේ සතුට ඉතිරී ගලා යන්නේ... ගීත නාද එක්ක..

"කවුරැත් නැති තැන අපි ලංවෙමු ගේ මැද සාලේ.. මට ඉන්න හිතුණ යන්නේ නැතුව සමිරගේ තුරැලේ"

අම්මා කඩේට ගිය නිසාම පොඩ්ඩක්  ඔය වගේ සිංදු තමා යන්නේ නැත්නම් මගේ පොඩි යාලු තමා..

"විහාරා.. තාම ඔයාට සමීර අමතක නෑ නේද?

මතු සම්බන්ධයි..

කතාව දිගටම ලියන්නද?

You've reached the end of published parts.

⏰ Last updated: Oct 10 ⏰

Add this story to your Library to get notified about new parts!

අවාර පෙම් මල් /Awara pem malWhere stories live. Discover now