LAST YEAR💫💖 (Chapter 01)

7 0 0
                                    

Tae ...............මන් කැමති එදාටත් ඔයා ලග මේ necklace එක තීනවා දකින්න..
IU අපි ආපහු මුණගැහුනොත්, මේක මන් ගාව තියෙයි කියලා මන් විශ්වාස කරනවා..




To The Present
       එදා Soul National High School එකට නම් විශේෂ දවසක්.. මොකද අද මේ වසරේ උසස් පාසල් සිසුන් පාසල් පැමිණෙන මුල්ම දිනය.. ඉතින් අද දවස පාසලට සේම එහි ළමුන්ටද විශේෂ දවසක් වුනා.. නගරයේ ඉහල පෙලේ දනවතුන්ගේ දරුවන්ගෙන් පිරී පැවති Soul National High Schoolහි උසස් පාසල් සිසුන් පිලිගැනීමේ උත්සවයේ කටයුතු එසේ සිදුවීමෙන් අනතුරුව අවසාන වශයෙන් පැවතියේ විදුහල්පතිගේ කතාවයි. විනාඩි 20ක් පමණ පැවති විදුහල්පති කතාවෙන් අනතුරුව ලමුන් සියල්ලන්ම උත්සව ශාලාවෙන් පිටවෙනු ලැබුවේ තම තමන්ට අදාල පන්ති කාමර වෙත යාම සදහායි..

මෙලෙස ඉදිරියට ඇදෙන ලමුන් අතර එක් විශේෂ පුද්ගලයෙකුද විය. එනම් ඒ Taeය. එලෙසම ඔහුගේ හොදම මිතුරා වූ Jkද ඔහු අසලම විය. උසස් පාසල් ඇදුමින් සැරසුනු ඔහුන්ගෙන් දිස් වූයේ බොහෝ කඩවසම් බවකි. එලෙසම රටෙහි ඉහල පෙලේ ව්‍යාපාරිකයන්ගේ දනවත් බලවත් පුතුන් වූ ඔවුන් වෙත සියල්ලන්ගේම දෑස් යොමුවී තිබිණි. ඒ අතරින් වැඩි පිරිසක් ගැහැණු ලමුන් විය.
එසේ ඉදිරියට ඇදුනු දේහදාරියා එක් යුවතියකගෙ ගතෙහි වැරැදීමකින් සේ ගැටුනද ඔහු එය එතරම් ගණකට නොගතුයේ ඔහු තරමක් තද ගතිපැවතුම් පැවති අනෙක් අය පිලිබදව එතරම් සැලකිලිමත් නොවූ අයෙක් වූ බැවිනි.

IU අහ්හ්....
Minhi අනේ IU ඔයා හොදින්ද?
     දේහදාරියාගේ හැඩි දැඩි ශරීරය ඉදිරියේ ඇදවැටෙන්නට වූ ඇයට සමීප වී විමසුවේ ඇගේ මිතුරියයි.

IU මොන පිස්සෙක්ද මන් දන්නෑ, පාර බලාගෙන යන්න දන් නැද්ද ඇස් පොට්ට වෙලාද ඒකගෙ.. ඉන්නවකො අද මන් හොද වැඩක් කරන්න.. මහ ලොකු හැන්ඩියා කියල හිතේ කෙල්ලො දෙතුන් දෙනෙක් බලපු ගමන් තීන ලොකුකම..
Minhi IU කොහෙද අනේ ඔයා යන්න හදන්නේ ආපු පලවෙනි දවසෙම රණ්ඩු ඕන් නෑ එන්න අපි යමු ක්ලාස් එකටත් පරක්කු වෙනවා..
IU පොඩ්ඩක් ඉන්න මින්හි අද මන් ඔය මිනිහට හොද පාඩමක් උගන්නනවා..මගෙ ඇගේ වැදිලා මාව වට්ටලා ඒ මදිවට සොරිවත් නොකියා යන ලස්සන..

You've reached the end of published parts.

⏰ Last updated: Aug 27 ⏰

Add this story to your Library to get notified about new parts!

Last Year 💫💖Where stories live. Discover now