චාරිකාව-31

203 28 18
                                    

ඉතින් ඊයේ රෑ අම්මා කතා කරේ ඉදියාප්ප ටිකක් දෙන්න කියලා..
ඔව් ඒ ගෂිත් ගේ අම්මා..පුතා වැරදි කරාට අම්මා පලි නෑනේ..

ඒ ටික උදේට කන්න තියලා මන් ආයෙත් නිදා ගත්තා..
උදේ 6 ට විතර ඇහැරිලා මන් වොශ් එකක් දාගෙන චූටිවත් නැගිට්ටෙව්වේ එයාට අද පන්ති නිසා..

මන් දැන් අලුත් විකාරයක් පුරුදු වෙලා..චූටිට පන්ති දවසට මුහුදට ගිහින් චූටි එක්කම පන්ති ඇරිලා එන එක..

අදත් ඒ වගේ දවසක්..
මුහුදු ගිහින් චූටි එක්කම මන් ගෙදර ආවා..

රෑ නිදාග්න්න යද්දිත් හැමදාම වගේ අම්මාගෙන් කෝල් එකක් ආවා..

"ඔව් අම්මා කියන්න.."

"සුබ පැතුම් මගේ පුතාට.."

"ආහ්.."

"පුතා ඒලෙවල් වලට A 3ක් අරගෙන..කැම්පස් යන්න පුළුවන්.."

"අනේ අම්මේ..!!"

"ඔව් පුතා..පුතේ ලෑස්ති වෙලා ඉන්න අපි හෙට කැලණි ගිහින් එමු.."

"හරි..බුදු සරණයි අම්මේ.."

"තෙරුවන් සරණයි.."

ඉතින් අපි ලගම කැලනි හින්දා එහෙ යමු කීවා..දැන් දොයි මන්..

පාන්දර ගෙදරට තඩිබාන සද්දෙ එක්කයි මන් ඇහැරුනේ..
බැලින්නම් අම්මා..

"ගුඩ් මෝර්නින් සුද්දෝ.."

"මෝර්නින්.."

"කෝ කෝ ලෑස්ති වෙන්න.."

චූටිවත් ඇහැරෝලා ඉක්මනින් ලෑස්ති උනේ පරක්කු නොවි යන්න..

"අයියේ..."

"ම්ම්.."

"අපි කොහෙද යන්නේ.."

"කැලණි.."

"ඇයි.."

"ඔයාගේ අයියා විබාගේ පාස්නේ පුතේ..."

"ම්..මොකක්..කිවෙවත් නෑ.."

"ම්ම්.."

"අනේ තෝනම්..මගේ අයියට හැමදාම හරි යන්න ඕන..."

ඒ කියලා මේකි මාව බදාගෙන අඩන්න ගත්තේ නැතෑ..මන් සුදු කමිසෙට ලලු ඩෙනිම ඇන්දා..චූටි සුදු ගවුමක් ඇන්දා..දනිස්සෙන් ටිකක් පහලට..

අපි පැය කීයක්ද මන්දා ඇවිත් උදේ කෑම කන්න නැවැත්තුවා...
අම්මා රෝස් කරපු පාන් එක්ක සීනි සම්බෝල ගෙනත් තිබ්බා..
අපි වැව රවුමේ ඉදගෙන මාලුන්ටත් කෑම දදා අපි කෑම කෑවා...

ආදරණීය වෛරය~  [•A Lovely Hate•]Where stories live. Discover now