9 කොටස

33 5 0
                                    

අන්තිමට කොහොමහරි දොළහ වසරෙන් දහතුන වසරට පාස් වුනා.එන්න එන්න එස්සෑම් එක ලන්වෙනවා.වෙනදා වගේ නෙවෙයි දැන් වැඩ ගොඩ ගැහිලා.ඉස්කෝලේ ඇරිලා ක්ලාස් ගිහිල්ලා පැය ගනන් ඉදලා ගෙදර එන්නේ හොදටම හෙම්බත් වෙලා.

ටිරින්**

"චූටි දූ කවුද බලන්න ඇවිල්ලා තියෙන්නේ..."

"අයියෝ අම්මා බලන්නකෝ අනේ.."

"මන් උයනවා ලමයෝ.."

මේ දවස්වල ඉස්කෝලේ නිවාඩුනේ.අද ක්ලාසුත් නැ.මන්
ඉතින් උදේ නැගිටලා ටිකක් ටීවී එක බලන්න ගත්තා.
නිවාඩු කාලේ හින්දා උදේට ළමා කතා එහෙම යනවනේ.
අද යන්නේ H2O.ඒක මාර ලස්සනය අප්පා.මන් මේක බලන්නේ දහවෙනි පාරද මන්දා.ඒ වුනාට ඉතින් තාමත් ආසයි.

"කවුද..ආ..."

"හැපි බර්ත් ඩේ මගේ චූටි පැටියෝ..."

ඇවිල්ලා හිටියේ මෙවනියි මහියි චෙහානුයි තේනුපයි දෙනෙතුයි තව ජූලියත් ඇවිල්ලා හිටියා.මට කෙලින්ම බැලුවේ ෆෝන් එක දිහා.එතකොට තමයි දැක්කේ අද මගේ බර්ත් ඩේ එක කියලා.

"ආ..අමතක වුනානේ බන්...තැන්ක් යූ තැන්ක් යූ...එන්න ඇතුලට..."

අම්මාත් ඉතින් කුස්සියේ ඉදන් හිනාවක් දාගෙන ආවා.

"මන් හිතුවේ මන් මං උදේ විශ් කරපු නැති හින්දා මෙයා අවුල් ගනි කියලා..බලන්නකෝ කිසි ගානක් නැතුව දාගෙන කාටුන් බලනෝ..පුදුම සිහියකින් තමයි ඉන්නේ."

"මූගේ සිහිය තියෙන්නේ වෙන කොහේවත්නේ ඇන්ටි.."

"ඒක නම් මටත් පෙනෝ.."

"අනේ අම්මේ..."

"හරි හරි එන්න දෑන් අපි කේක් කපමු..කෝ හැමෝම එන්න.."

රෝස පාටින් අයිසින්  කරපු හරිම චාම් කේක් එකක් තිබ්බේ.

"ආ ආ මේ ලමයි මන් නැතුව කේක් කපන්න වගේ නේ හදන්නේ..."

"ආ අයියේ ගුඩ් මෝනින්...අපි මේ ඔබ තුමා වඩිනකන් තමයි බලන් හිටියේ..."

මෙවනියි මහියි එකටම කිව්වා..මුන්ට මොකක් වෙලාද මන්දා.කොහොමත් ලගකදි ඉදන් මුන් දෙන්නගෙන් අපේ අයියගෙයි මොකක් හරි රහස් කතා බහක් තියේනෝ..

තෝඩු (ONGOING)Where stories live. Discover now