Shenul pov
අපි උන්නෙ පිට්ටනියෙ කොනකට වෙන්න....දැනට විනාඩි කීයක් නම් කියලා පහු උනාද. හරියටම බැලුවොත් හතර වෙනි පීරියඩ් එකටත් බෙල් එක ගහලා දැන් සෑහෙන්න වෙලා. එහෙම බැලුවාම අඩුම පැයක්වත් අපි අව්ව තපින්න ඇති. අනිත් අයට ගානක් නෑ. පෙලක් අය නිවාස හදන එක පැත්තකින් තියලා ක්‍රිකට් ගහනවා. ලක්ශිත අයියා බෝල දාන්න ඉන්නකොට මේ පාර බැට් කරන්න උන්නෙ රශේන් අයියා. ලක්ශිත අයියා කියන්නෙ අපේ ස්කෝලෙ ඉන්න අභිමානවත් ප්‍රධාන ශිෂ්‍ය නායකයා. එයා ඩියුටිවල ඉන්නකොට කොච්චර අභිමානවත් විදියට උන්නත් මේ වගේ වැඩ වලදි ඒකගෙ අභිමානවත්කම හොයා ගන්න CID එකෙන්වත් දාන්න වෙනවා. මම බලන් උන්නෙ රශේන් අයියා දිහා බලාගෙන අති තියන බෝලෙ දෙතුන් පාරක්ම උඩ දාන අපේ හෙඩ් ප්‍රිෆෙක්ට් දිහා. එයා කියලත් අමුතු වෙනසක් නෑ. අනිත් අය වගේම ශර්ට් එකේ බට්න් දෙක තුනක් ගලෝලා දාලා අත් වැලමිට ලගට නවලා. ස්කෝලෙ අභිමානය පෙන්නුම් කරන ටයි පටිය තුනට හතරට නවලා සාක්කුවේ දාගෙන. හෙඩ් කියලා අඳුනගන්න පුලුවන් විදියට බැජ් එක විතරක් ඒ සාක්කුවේ තාම ගහගෙන උන්නා. එක අතකට ඔහොම ඉන්න එක පුදුම වෙන්න දේකුත් නෑ. මොකද ස්පෝට්ස් මීට් එක හන්දා එයාලා දවසම ඉන්නෙ අව්වෙ. ඒ හන්දා ටීචලා සර්ලවත් වැඩිය මුකුත් කියන්න යන්නෑ. උසස්පෙළ කරන පෙලක් අයියලා ස්කෝලෙ නම ගහපු ටී ෂර්ට් එක පවා මේ දවස් වලට ඇදන් ඉන්න වෙලාවල් තියනවා. හැබැයි ඔය කොහම උනත් ස්කෝලෙන් එලියට යනකොටනම් හැම කෙනාම යන්න ඕන පිලිවෙලට
ලොවි ගහේ අත්තක අගිස්සට වෙන්න තිබුන තාම හරියට පාටවත් වෙලා නැති ලා කොල පාට අමු ලොවි ගෙඩියක් කඩාගත්තු මම කෑල්ලක් කටට දාගන්න ගමන් ඉතුරු කෑල්ල පසිදුවට දුන්නා. දත් අස්සෙ තිබුන ලොවි කෑල්ල දිවෙන් හක්කට දාගත්තු මම එක පාරයි හැපුවෙ හැපුව පමාවට මූනත් එක්ක මොකක්ද වෙලා ගියේ ඒකෙන් ආපු ඇබුල් ගතියට. එක අතකට ඒක ඇවිත් හද්ද තුරු ගැටයක්. ඈත අහසෙ ඉර හිමි හිමිහිට මුදුන් වෙන ගමන් තියන නිසාද කොහෙද තදටම නැතත් ලාවට රස්නෙ ගතියක් තිබුනා. මෙච්චර වෙලාම කෙලින් හිටන් උන්නු මම ලොවි ගහට පිට දුන්නා. ලොවි ගහේ අතු නිසා එච්චරටම අව්ව මෙතනට නොආවත් පිට්ටනියෙ ඉන්න අනිත් අයගෙ මූනු වලනම් තිබුනෙ මහන්සිපාටක්. මායි පසිදුයි ලොවි ගහ යට ඉන්නකොට මලීෂයි යසිරුවයි නම් පැනගෙන ගියා ක්‍රිකට් ගහන්න. යසිරු ක්‍රිකට් පොලු ලග ඉදන් කීප් කරනකොට මලීෂ තව පැත්තක් රකින ගමන් උන්නා. පසිදු නොගියෙ ඇයි කියලා නොදන්නව උනත් මම නොගියේ ක්‍රිකට් ගැන මෙලෝ මලදානයක් නොදන්න නිසා. අයියලා කට්ටිය එන්නැද්ද කියලා ඇහුවත් එයාලා එක්ක ලස්සනට හිනාවෙන ගමන් මම ඒක බොහෝම යටහත් පහත්ව ඔලුව දෙපැත්තට වනලා නෑ කිව්වෙ කටක් ඇරලා මුකුත් කියාගන්න බැරි උන නිසා. මොකද මම කොහොමද කියන්නෙ මට හරියට තාම පිත්තවත් වනා ගන්න බෑ කියලා
YOU ARE READING
ආත්ම ස්පර්ශ 🌼🌼 ( ONGOING 📝 )
Fanfiction" ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න..... පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්ස...