අමාවක 13

93 17 11
                                    

"ශකිල් ගිහින් අර සෙට් එකත් එක්ක බෑග් ගහන්න බැන්ඩේජ් දාගෙන වරෙන් "

"හ‍රි කෝච්.."

හපෝ පුදුම මහන්සියක් තියෙන්නේ අෆ්ෆා.. උදේ 6 ඉස්කෝලේ ඇවිල්ල වට දහයක් දුවලා ආපහු වෝක් අවුට් ටිකකුත් කරලා දැන් බැග් ගහන්නත් ඕනේලු.. අනේ මට බෑ....!!!

ඇත්තටම මේ බොක්ෂින් කරන්න ගත්තේ මං මොන හිතකින්ද මන්ද.. දැන් නම් කට්ටියම බැග් එල්ලලා තියෙන රූම් එකට ආව බැන්ඩේජ් දාගෙන.. හැබැයි..

"ධනූ.. අර ග්ලව්ස් ටික ගෙන්න යමන්.."

"යෝහ්.. ඇයි ඒ ටික මෙහෙ නැද්ද.."

"නෑ බන් ඒවා සපෝර්ට් රූම් එකේ වරෙන්.."

"හ‍රි වදේ අප්ප.. ඇයි බන් මාවම පේන්නේ.."

ආපහු සපෝර්ට් රූම් එකට යන්න එපැයි.. පුදුම කැපෙක් තමා මු නම් කැපා හැටියට ඕවා කලින්ම අරන් එන්නනේ තිබ්බේ..

"ඉතිං මං උබව විතරනේ මෙතනින් ලගින් ආශ්‍රේ කරන්නේ.."

"ආ.. එහෙමද.. ඉතිං ගිහින් පොඩ්ඩක් අර ඉන්නේ එවුන්වත් ආශ්‍රේ කරල බලනවකො.. ට්‍රයි කරල බලන්න..ආස හිතෙයි.."

"ම්ම්.. එකෙක්ව ආශ්‍රේ කරල ආස හිතිලා තියෙන්නේ දැන්.."

ආධි අයියා සපෝර්ට් රූම් එකේ දොරත් ඇරගෙන පැත්තකට වෙන්න තිබුන කබඩ් එක ඇරලා ග්ලව්ස් සෙට් හයක් අරන් මට දුන්න..

"අමෝර් අමෝර්.. මොනවටද ආස හිතිලා තියෙන්නේ ඉතිං.."

ආපහු ඔක්කොම දොරවල් වහගෙන එලියට ආවට පස්සේ අයියා මගෙන් ග්ලව්ස් සෙට් තුනක් ගත්ත.. දැන් සමානයි.! එහෙනෑ හෙන මනමාල හිනාවකුත් ඇවිල්ලා.. හුහ්.. කෑල්ලව මතක් උණාද දන්නේ නෑ..

"ආස හිතිලා තියෙන්නේ ඉතිං... උබේ හැමදේටම.."

"සයික්..! දැට්ස් ද රෝන්ග් නම්බර්..! ඇත්ත කියන්න ඒ කෑල්ල නේද.. අනික මගේ අහවල් එහෙකටද හැමදේටම කැමති ගාන්නේ.. මේ මේ ඔයාගේ මරිසි මට තේරෙනවා.. බොරු එපා හ‍රි ඔයා ඩිරෙක්ට් කතා කරන්න--"

"කටවහගනින් බන් කරදරේ.."

"අන්න අන්න ඉතින් ඔයාගේ බොරුවනේ ඇහ්.."

කොහොමහරි දෙන්නත් එක්ක කට්ටිය ඉන්නේ තැනට ඇවිල්ලා ග්ලව්ස් දාගෙන බැග් පන්ච් කරන්න ගත්ත.. මං ටිකකට නවත්තල වටපිට බැලුවට පස්සේ දැක්කේ ආධි දාඩිය පෙරාගෙන බැග් එකට හයේ පාරවල්-- හෙන ෂොට් දෙක තුනක් දෙනවා..මගේ කියලත් වෙනසක්‌ නෑ මාත් නාල වගේ ඉන්නේ දැන්.. වෙලාවට ආර්ම් කට් එකක් ඇදගෙන ඉන්නේ.. හැබයි මු ඉතිං කප් ගහපු එකෙක්නෙ මෙහෙම ඉදියට.. අපිත් කප් ගැහුවා.. අපි ඕවා ප්‍රසිද්දියේ කියන්නේ නෑනේ..

අමාවක සඳ | ONGOING |Where stories live. Discover now