🦋-03-🦋

119 30 17
                                    

"මොකෝ ලොකු සීන් ද ?"

ජන්කුක් ඇහුවෙ උඩ බලාගෙන ඉන්න ජිමින්ගෙන්.

" අනේ මට ඇහුන්නෑ ඇත්තමයි"

" හ්ම්.. හ්ම්... නගිනව. මං එක්ක යමු.."

ජන්කුක් එහෙම කියාගෙන ගිහින් කාර් එකට නැග්ගත් ජිමින් ඉදන් හිටපු තැනින් හෙල්ලුනේවත් නැ. විනාඩියක් විතර බලන් හිටපු කුලප්පු කාර ජන්කුක් වීදුරුව පාත් කරල කෑ ගැහුව.

" යෝ... කන් ඇහෙන් නැද්දෝ... එනව යන්ඩ.."

" අහ්.. හරි... ඉන්න..."

හරි සිහියට ආව ජිම්න් ඉක්මනට නැගිටලා ගිහින් ජන්කුක්ගෙ කාර් එකේ පිටිපස්සෙ දොර ඇරියා.

" ඔය මොකද කරන්නෙ...එනව ඉස්සරහට. දකින උන්ට පේන්න ඕන අපි කපල් එකක් කියල.. "

ජිමින් කම්මුල් ඔක්කොම රතු කරගෙන ගිහින් කාර් එකේ ඉස්සරහින් වාඩි උනා.

" අද ඉදන් ගිවිසුම ඉවර වෙනකල් තමුන් කොලේජ් යන්න ඕන මං එක්ක. හරි ද.."

ජිමින් හා කියන්න ඔලුව වැනුවා. ජන්කුක් එයාගෙ පාඩුවෙ කාර් එක එලවන්න ගත්තයින් ජිමින් ජන්කුක්ගෙ කාර් එක පුරාම ඇස් යැව්ව. ජිමින්ගෙ කාර් එක වගේම තමයි පාට විතරයි ඉතින් වෙනස්. ජිමින්ගෙ මැස්ටෑන්ග් එක රතු පාටයි. මේක කලු. ජිමින්ට මතකයි එයා පොඩි කාලෙ කෙනෙක් එක්ක කතා උනා එයාලා කැමතිම වාහනේ ගැන. ඉතින් ජන්කුක්ගෙ කාර් එක දැක්කම ජිමින්ට ඒ හාදයවත් මතක් උනා.

හැබැයි ජිමින්ගෙ කාර් එක නම් ගෙදර පාකින් එකෙන් එලියට ගන්නෙම නැති තරම්. ජිමින් වැඩිය එලියට යන්න කැමති කෙනෙක් නෙවෙයි. එයාට යාලුවොත් නැති හින්දා එයාට ඇත්තටම එලියට යන්න උවමනාවක් උනේම නැති තරම්. හුගක් වෙලාවට ශොපින් කරන්නෙත් ඔන්ලයින්. ඉදල හිටලා සෝලෝ ඩේ අව්‍ට් එකක් ගියොත් තමා.

ජන්කුක්ගෙ වේගෙ තරම කොච්චර ද කියනව නම් ඇස් ඇරල වහද්දි දෙන්නා හිටියෙ කොලේජ් එකේ එන්ට්‍රන්ස් එක ඉස්සරහ.

" අපි පොඩි ශෝ එකක් දාමු. ජමන්...ඔයාට අද ඉදන් කොලේජ් එකේ ෆේමස් වෙන්න පුළුවන්. "

" මන් ජිමින්.."

" අර්හ්... එනි වේ.. මොකක් හරි.. බහිමු. "

Love in contract✅[Jikook]Where stories live. Discover now