🍂පලමු පියාපත🍂

11 3 3
                                    

වහින්න වගේ......මම මෙච්චර වෙලාම ඔහේ පත්තුවෙවී අලු උන සිගරට් එකට තාවකාලිකව සමු දුන්නා...මගේ ජීවිතෙත් හරියට මේ සිගරට් එක වගේ..ඇවිලෙනව , අලුවෙනව , නිවිල යනවා...අතරමැදියෙක්ගෙ අතට අහු උනාම තමන්ගෙ දුක නිවෙනකම් උගුර කාරවන සාරය උරා බීලා බීලා අන්තිමට නිවිල අලුගොඩක් වෙලා යනවා.මන් අහස දිහා බැලුවා.පිටකරපු සිගරට් දුමත් මුහුවෙලා තියෙන්නෙ වලාකුළු වලටද මන්දා....මන් ආසම මේ වැහි මන්දාරම් අහසට...කී දෙනෙක්ගෙ සුසුම් මුහුවෙලා ඇත්ද !!

මෙච්චර වෙලාම අහසට දුක කීව මම බැල්කනියෙ දොරත් වහගෙනම ඇතුලට ආවා.මම ඇදට දාල තිබ්බ රෙදි එහා මෙහා කරලා ඇදේ දිගාවුනා... මොකද්ද මේ මගෙ හිතට දැනෙන දේ ? දුක , තනිකම , පාලුව ? තදට පියාගත්ත ඇස්පිහාටු අස්සෙන් කදුලු සීරාවක් ගලාගෙන ගිහින් කොට්ටෙට වැටුනා.මට දැනුනා මගෙ උගුරෙ මොකක්හරි හිරවෙලා වගේ.මන් අමාරුවෙන් හුස්මක් ගත්තා...

*Ring Ring*

" මිහින් , කියපන්.......ම්ම්....ම්ම්....සිකුරාදද?......ම්ම්ම්...මන් එන්නම්."

තප්පර කීපයයි.කෝල් එක ඉවරයි.මන් නැගිටල ඇදේ ඉදගත්තා.ඉදගත්තා කියන්නෙ මට නිකන්ම ඉන්දවුනා.තවත් මෙහෙම ඉන්න බෑ දැන් නැගිටින්න කාලෙ හරි කියල හිතුනා.මන් ඇදේ සීසීකඩ තිබුන රෙදි ඔක්කොම කබඩ් එකට අහුරන්න ගත්තා...

ඊයෙ අම්මගෙ තුන්මාසෙ දානෙ !! තුන් මාසයක් තිස්සෙ මම ජීවත් උනේ මැරිච්ච මනුස්සයෙක් ගානට..ඒ වුනාට මලවුන්ටත් මාව එපා උනාද මන්දා උන් මාව ආපිට පලයන් කියලා තල්ලු කරන්න ගත්තා.

කොටින්ම අම්මා නැතිවුනාට පස්සෙ මම පිස්සෙක් වුනා.නොතේරුනු කාලෙ ඉදන් හැමදේටම මන් ලගින් හිටිය අම්මා...කවදාවත් මන් ඉදිරියෙ කඩන් වැටුන්නැති අම්මා...මට ජීවිතේ අඩියෙන් අඩිය ඉස්සරහට තියන්න කියල දුන්න අම්මා.මම හරියට අම්මා නම් රූස්සගහේ අත්තක එල්ලුන පොඩි වවුලෙක් වගේ.ඒ රූස්සගහ කඩන් වැටෙනකොට ඒ ගහත් එක්කම යටවෙලා තුවාලවෙලා ගිය පොඩි වවුලෙක් ! ඒත් තවදුරටත් මට තුවාලවෙච්ච , බයේ තනිකමේ හැංගිච්ච වවුලෙක් වගේ ජීවත් වෙන්න බෑ..මම රාජාලියෙක් වෙන්න ඕන !! අම්මා කීවා වගේම ,,,

THE HEIR🔥🌟Where stories live. Discover now