🍂දෙවන පියාපත🍂

7 2 2
                                    

' ට්‍රීන් ට්‍රීන් '

තනි ඇහැක් ඇරල ෆෝන් එකේ එලාම් එක බලපු මම එක ඕෆ් කරල දාලා ආයෙමත් අනිත් පැත්තට හැරුනෙ නිදාගන්න හිතාගෙන.අටයි හතලිස් පහයි.ඊයෙ කතා කරපු වෙලාවෙ එනව කීවට මම තාම එහෙ යනවද කියල තීරණය කරල නැහැ.මන් සිවිලිම දිහා බලන් හිටියා.යනවද ? නැද්ද ?

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

නවයයි කාලයි....

මන් තම්බගත්ත බිත්තරේට ගෑරුප්පුවෙන් කුඩුවෙනකම් ඇනගෙන ඇනගෙන ඇනගෙන ගිහින් ඒක බෝල් එකකට දැම්මා.

තනියෙන් ජීවත් වෙන්න සිද්ධ උනාට පස්සෙ වෙච්ච එකම හොද දේ මම කෑම හදන්න ගත්ත එක.අම්මා ඉන්න කාලෙත් මම එක එක නම්නොලත් කෑම ජාති හැදුවා.ඒත් අම්මනම් කිසිම දවසක මන් හදන මලජරාව කෑවෙ නෑ !

තම්බපු බිත්තර කෑලි උඩට මාමයිට් බින්දුවක් දාලා ඒකටම සෝසුයි මයෝනීසුයි දාලා කලවම් කරල පාන් පෙති දෙකක් මැද්දෙ ඒක තියල ඒක වටේ කඩාගත්ත බිත්තරෙයි කෝන්ෆ්ලේක්ස් දාලා ඒක බැදගත්ත මම කටට දෙකට ඒක කාලා ඉවර කරල කාර් එකේ යතුර අරන් ලිෆ්ට් එක පැත්තට ගියා.

කොරිඩෝ එකේ කෙලවරටම එද්දි ගානට වෙලාවට ලිෆ්ට් එක ඇරුනා.පහලට ගියාට පස්සෙ වාහනේට නැගල සීට්බෙල්ට් එක දාගෙන මම බැලුවෙ අතේ තිබ්බ වොච් එක දිහා.

නවය හමාරයි !! කොහොමත් එහෙ යද්දි දහය වෙයි.මම වෙලාවට වැඩ කරන මනුස්සයෙක්.ඒත් අද නම් මම පරක්කු උන එක ගැන කනගාටුවක් හිතුනෙ නෑ.මන් වාහනේ පාරට දැම්මා.දාලා ටික දුරක් යනකොට මම දැක්කෙ පාර අයිනෙම තියන වඩේ කරත්තයක්.මගෙ මතකෙට ආයෙම ආවෙ අම්මව.

මට මතකයි මන් හත වසරෙ විතර ඉදන්ම හැමදාම හවසට කුස්සියෙ තේ බොන වෙලාවට අම්මගෙන් එයයි තාත්තයි හම්බුන විදිය අහනවා.අපෙ අම්මල හරි දුප්පත් මිනිස්සු.අම්මගෙ දෙමව්පියො කරන් ගිහින් තියෙන්නෙ වඩේ කඩයක් .මට මතකයි අම්මා කියනවා අම්මා එතකොට උසස්පෙල කාලෙලු.අම්මගෙ තාත්තා නැති උනාට පස්සෙ අම්මා ආච්චි අම්මා එක්ක වඩේ කරත්තෙ කරගෙන ගිහින් තියනවා.අම්මා උසස්පෙළට කරල තියෙන්නෙ කොමස්.ඒ කාලෙ පංති යනකොටලු තාත්තව හම්බුනේ.තාත්තා හරි ලස්සනයිලු, සල්ලිකාර පෙනුමකුත් තිබ්බලු.දවසක් තාත්තා අම්මලගෙ වඩේ කරත්තෙන් වඩේ ගන්න ඇවිත් අහම්බෙන් . එදා දෙන්නා කතා කරපුව දුර දිග ගිහින් තමයි දෙන්නා යාලු වෙලා තියෙන්න.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Sep 20, 2024 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

THE HEIR🔥🌟Hikayelerin yaşadığı yer. Şimdi keşfedin