"අනේ පුතේ මට නම් හරිම සතුටුයි, අපි ආච්චිලා වෙන්නයි යන්නේ නීතා...""ඒකනේ දම්මි... අපි හිතපු විදිහටම දේවල් සිද්ද උනා දෙයියනේ... මොකද අප්පච්චි ඔයයි නිහාලුයි මුකුත් කියන්නෙ නැත්තේ..."
"අපිට කියන්න දෙයක් ඉතුරු කරලා නෑනේ නීතා ඔයාලා, නැද්ද නිහාල්..."
"අනේද කියන්නෙ සුනිල්... කනට නිවනක් නෑ..."
"අනේ මේ.... ඔක්කොටම හපන් මේ ළමයි දෙන්නා... ඔය දෙන්නා චූටි පැටියෙක්ගෙ අම්මෙකුයි තාත්තෙකුයි වෙන්නනෙ යන්නෙ ළමයිනේ, සතුටු නැද්ද ඔයාලට..."
"සතුටුයි අම්මා... ඒත් අපිටත් තාම හිතා ගන්න බෑ... එන්නකො අපි කෑම කාලා ඉමු..."
සිහින දෙව්මිත් හෙට්ටිආරච්චි, සුනිල් හෙට්ටිආරච්චිගෙයි දම්මි කුලසේකරගෙයි වැඩිමල් පුතා... සෙනුරි හංසිකා බණ්ඩාර, නිහාල් බණ්ඩාරගෙයි නීතා කුමාරසිංහගෙයි දෙවෙනි දුව... සිහිනට එයාට වඩා අවුරුදු තුනක් බාල නංගි කෙනෙක් ඉන්නවා... සෙනුරිගෙ අක්කා බැඳලා මේ වෙද්දි ඔස්ට්රේලියාවේ පදිංචියට ගිහින් තිබුනෙ ලංකාවේ ඉදලා කිසි දියුණුවක් නෑ කියලා... අද මේ හැමෝම එකතු වෙලා ඉන්නෙ සිහිනගෙයි සෙනුරිගෙයි පුංචි නිවසට... ඔව්... සිහින, සෙනුරි කියන්නෙ නීතියෙන් විවාහ වෙලා වෙනම ගෙයක් අරගෙන පදිංචියට ආපු ජෝඩුවක්... ඊටත් වඩා හොඳම යාලුවෝ දෙන්නෙක්... ඒක උනේ මෙහෙමයි...
සිහින වගේම සෙනුරි ශිෂ්යත්වෙ පාස් වෙලා එන්නෙ මිශ්ර පාසලකට... කාලෙත් එක්ක හය හත වසර පහු වෙද්දි එයාලා හොඳම යාලුවො බවට පත් වෙලා හිටියා... ඒ දෙන්නා කෑවේ බිව්වෙ, පංති ගියේ පවා එකට... පස්සෙ මේ දෙන්නගෙ යාලුකම නිසාම මේ දෙන්නගෙ අම්මලා දෙන්නා උන නීතයි, දම්මියි ඊටත් වඩා හොඳ යාලුවො උනා... කාලය හෙමින් ගත වෙලා සිහිනයි සෙනුරියි උසස්පෙලත් ඉහලින්ම සමත් වෙලා කොළඹ විශ්ව විද්යාලයකට තේරුනා... එතකලුත් මෙයාලගෙ යාලුකම වැඩි උනා මිසක් අඩුවක් වෙනසක් වෙලා තිබ්බෙ නෑ...
කැම්පස් එකේ අවුරුදු දෙකක් ගත කරමින් ඉන්නකොට මෙයාලගෙ මේ යාලුකම කට්ටියටම ප්රශ්නයක් උනා, සමහරු එයාලව ජෝඩු කරනකොට තව සමහරු එයාලට ප්රසිද්ධියේ උසුලු විසුලු කලා, දෙන්නගෙ නම් කිය කිය කෑගැහුවා... ඒ විතරක් නෙමෙයි, මෙයාලගෙ අම්මලා දෙන්නා පවා හිතුවේ මේ වෙද්දි එයාලා අතර ආදර සම්බන්ධයක් ඇති වෙලා ඇති කියලා, මොකද ඒ වෙද්දි එයාලට අවුරුදු විසි දෙකක් වෙන්න ඇවිත් තිබුනා... සෙනුරියි සිහිනගෙයි වයස් පරතර උනේ මාස දෙකයි, සෙනුරි මාර්තු මාසේ ඉපදෙද්දි සිහින මැයි මාසේ ඉපදිලා තිබුනා...
