මම පන්තියට ආවේ ගොඩක් පරක්කු වෙලා මන් හිතන්නේ .මොකද මෙ යන්නෙ English period එක .අපේ නදීකා ටීචර් president college එකට මාරු කරාට පස්සේ සතියකින් period එකට ටීචර් කෙනෙක් ආවේ නෑ.හද්ද ඩොටේ ඉස්කොලයක් නෙද?. නැ එක නම් එහෙම නෙමෙ අපෙ ඉස්කොලේ තමා මේ area එකටම තිබුන හොදම ඉස්කොලේ .
"අඩෝ අර කවුද?"
තමන්‍යා එහෙම ඇහුවා .මම අපේ class එක දිහා ඇත තියාන බැලුවා. තරුණ ටීචර් කෙනෙක් අපෙ පන්තියට මොනාදො උගන්නනෝ .
"ඒ එන පොට නම් හරි නැ . මන් හිතන්නේ අලුත් ටීචර් කෙනෙක් වෙන්න ඕන "
"දැන් මොකද කරන්නේ හු## "
"මොකා කරන්නේ අහන්නේ දැන් පන්තියට ගියෙ නැතොත් පස්සෙ අහගන්න වෙයි හොද පදෙන් "
අපි දෙන්නා හීමිට පන්තියට ගැටුවා.ටිචර් ගොඩක් තරුණයි කලුත් නෑ වැඩිය සුදු ත් නැ එයා ගොඩක් ලස්සනයි . මගෙ හදවත නිකන් කින් කින් ගානවා වගෙ. එව් එව් මේ මොනාද වෙන්නෙ . එසැනකින් එයාගේ අවධානේ තිබ්බේ අපි දෙන්නා ගාව එත් ඉතින් අපි අවධානේ ඉල්ලුවේ නැනෙ!!. එයාගෙ ඇස් ලා දුඹුරුයි .
"ඔය දෙන්නා මොකද පරක්කු වුනේ ?ආ.."
එයා ඇහිබැම උස්සලා ඇහුවා. මට වචන පැටලුනා මන් හිතන්නෙ මොනාද අප්පා මෙ වෙන්නේ.
"මේ .. මේ ආ."
"නැ ටිචර් අපි මෙ period එක උගන්වන්නෙ නැති වෙයි කියලා washroom යනකොට ටීචර් කෙනෙක් අපිට වැඩක් දුන්නා"
තමන්‍යා එසැනින් කිව්වා .අම්මෝ මෙකී මගේ guardian angel වගේ
"මොන ටීචර් ද මට නම කියන්න"
"ආ.."
ඔන් ඉතින් කෙල වුනා ලෙසටම ..දැන් ඉතින් කියන්නකො පච මල්ලක්.
"ඔය බොරු.. අනිවාරෙන් රොන්දෙ යන්නැති ටිචර් මෙ දවස් ටිකේ ම ඔකුන් දෙන්නා පන්තියේ හිටියේ නැ "
එහෙම කිව්වේ පොලොස් ඇඹලයා අපෙ පන්තියේ ඉන්න මහා ලොකු prefect දුල්ශ. ඕකාට දෙනවා මන් අම්මපා.
"බොරු ඔන් නැ.. come to the class and sit. If you continue this behaviour. I will not give excuses anymore .understand?"
"Understand.."
අපි දෙන්නා ම එකට කියාගෙන අර ඇඹලයාටත් විලිත්තන් පන්තියේ පිටිපස්සෙන් ගිහින් වාඩි වුනා. අපි washroom එකේ fashion show කරලා මදැයි ඔයින් ගියා.. මට හිටිය හොදම යාලුවන්ගෙන් එක්කෙනෙක් තමා තමන්‍යා කියන්නෙ. අනිත් ඩබල මේ වෙලාවේ class එකේ නෑ. දන්නැද්ද බීසී පිපල්ස් .
"Ok children? We are now talking about reported speech. Pay your attention to the..."
"මොකද බන් මේ සිල් අරන් වගෙ "
"ආආ... ආඅ..ඇයි?"මම වශි වෙලා වගේ english teacher දිහා බලන් ඉන්නකොට තමන්‍යා මගෙ ධයානය බින්දා.
"නෑ මන් මේ අහන් හිටියා."
"ආ.. එහෙමත් එකක් ද"මං මේ බලන් හිටියේ අර ටීචර් අනේ මන්දා එයා කියාගෙන යනකොට අත් move වෙන විදිහ තොල් හෙල්ලෙන විදිය මේ ඔක්කොම නිකන් පිස්සු වට්ටනවා වගේ
YOU ARE READING
ඩැන්ඩලයන්ස්
Romanceසම්මතයක් ඕනිමද ආදරේ කරන්න.. savi is 19 years old. and she fell in love with her sister's bf's sister. and that was her first love. how will they continue their love??