Chapter 10

4.3K 188 100
                                    

"මොකද තමුසෙ මේවා මට දෙන්නෙ.." ?

"කන්න.."

"කන්න කියලා දන්නවා බන්..මන් මේවා කන්නෙ නෑ..උඹම කාපන්.."

"ආ.. චොක්ලට් කන්නෙ නැද්ද.." ?

"චොක්ලට් කනවා තමුසෙ දුන්න නිසා කන්නෙ නෑ.."

"ඇ..ඇයි ඒ.." ?

"ඒක උඹට වැඩක් නෑනෙ.."

ඒකගෙ මූණ අමුතු වෙලා දෙක වෙලා ගියා..
මට මොකද..මේ පටන් ගත්තා විතරයි රිද්දිල්ල..බලන් ඉන්නකො දේදුණු උඹෙ පාට ටික මං මකන විදිහ..

"නැගිටපල්ලා ඔක්කොම.." !!

එකපාරටම පන්තියට කඩන් වැදුණු දහතුනෙ කොල්ලො සෙට් එක යටි ගිරියෙන් කෑ ගැහුවා..වෙනින් සිහියක හිටිය මාත් ගැස්සුණා ඒකට නම්..

"කෝ වෙන ඉස්කෝලවලින් ආපු එවුන් ටික ඉඳලා අපේකේ උන් ටික නැගිටලා පැත්තකට වෙයල්ලා ඉක්මනට.." !

උන්ගෙ නියෝගෙත් එක්ක අපේවුන් එකා දෙන්නා නැගිටලා එහාට මෙහාට වෙද්දි මමත් නැගිට්ටා..මාත් නැගිටලා ගිහින් පැත්තකට වෙලා හිටගත්තා..අපේ උන් දහයක් වගෙ හිටියෙ අපේ ඉස්කෝලෙන්..අනික් උන් විස්සක් විතර එවුන් ඔක්කොම වෙන වෙන ඉස්කෝලවල උන්..

"උඹලව අපේ ඉස්කෝලෙට පුරුදු කරන්නයි..උඹලගෙ හැටි දැනගන්නයි මේක කරන්නෙ..මැරෙන්ඩ හදන්ඩෙපා මෙතන..කියන දේ කරපල්ලා..නෑ බෑ උත්තර දෙන්න බෑ.."

අපේ උන් ඔක්කොම බිත්ති ටික වට කරලා කවයක් වගෙ හැදුණා..දහතුනෙ ආර්ට් එකෙ කෙල්ලො කොල්ලො ඔක්කොම වට උනා..අලුතින් ආපු උන් විතරක් මැද..

එක කොල්ලෙක් ඩෙස් එකක් ඇදලා ගත්තා මැද්දට..ඒ අර උදේ මන් එක්ක කතා කරපු එකා..ඌ  බය උනාද මන්දා..අපේ උනුත් හරි හරි හුත්තෙ වැඩ තමයි කරන්නෙ..හැබැයි යස වැඩෙ වෙන ඉස්කෝලවලින් එන උන්ට..

"උඹ වරෙන් ඉස්සෙල්ලා..නැගපන් මේසෙ උඩට.."

"මේස උඩට.."

"ඇයි උඹට බැයිද..දෝහුත් නැගපන් කන පලාගන් නැතුව ඉක්මනට.."

"හ..හරි ඉතින් බෑ කිව්වෙ නෑනෙ.."

"මොකද්ද තො කියන්නෙ..නම කියපන් උඹෙ.."

"ලකිඳු නදීප..."

  ~A_ලෙවෙල්~🔞Where stories live. Discover now