පාපොච්චරණය

79 12 1
                                    


"මේ අයියේ උබ එනවද නැද්ද,
මට නම් බෑ බන්
අම්මටත් ගහන්න යනවා.."

ෆෝන් එකේ එහා පැත්තෙන් ඇහුනෙ මල්ලිගෙ කටහඩ.

" ඇයි ආයෙත් පටන් ගත්තද..
බාප්පා නැද්ද.. "

මං එනකොටත් තාත්තා හිටියෙ පදමට ගහලා... හැමදාම ඇහෙන වෙරි කුනුහරප දැන් කනට හුරුයි..
ඒත් හිතුවෙ නෑ දුරදිග යන්න තරම් කෑගැහිල්ල දිග් ගැස්සිලා කියලා..

" බාප්පා නෑ.. එයාටත් මෙයාව මෙල්ල කරන්න බෑ බන්..
මට නම් ඇතිවෙලා තියෙන්නේ..
මං පොලීසියට කතා කරන්නද "

බීපුවහම කාටවත් මෙල්ල වෙන්නෙ නැති මනුස්සයා අපි කොහොම මෙල්ල කරන්නද.. මේ කරුමෙන් අපිට ගැලවෙන්නෙ තිබුනා නම්.. මට හිතුනෙ එහෙම..
කවදා වෙනකල් ඉවසන්නද..
එදා අම්මව මරන්න හදනවා කියලා මල්ලි කියද්දි වැඩපලටත් මං ඇත්ත කියලා ආපහු හැරිලා ගෙදර ආවා...

තුන්සිය හැටපස් දවසෙන් එක දවසකවත් එයාට කසිප්පු බොන්නෙ නැතුව ඉන්නබෑ..
ඒ බීලත් ගමටම ඇහෙන්න කෑගහලා අම්මට බනින්නත් එයා අමතක කරන්නෙ නෑ... මොනවා හරි අපි කිව්වොත් අපිටත් හොදවගෙන් බනිනවා...
ඉවසන් ඉන්න බැරිම එක ලැජ්ජාව..
වටේ මිනිස්සු එලියට බැහැලා බලන්නෙ තාත්තගෙ රැගිල්ල...

" අයියේ උබ එනවද.. "

" මං එන්නම් "
කල්පනාවක වැටිලා හියපු මං ආයෙත් පියවි සිහියට ආවා..
කරන්න දෙයක් නෑ..
අපිට මෙල්ල කරන්න බැරි මනුස්සයා පොලීසියට අල්ලලා දෙනවා..
මගෙ අම්මයි මල්ලිලා දෙන්නයි සැනසීමෙන් ඉන්න ඕනෙ...

ඉදගෙන හිටපු තැනින් මං නැගිට්ටෙ තීරණයක් අරගෙන..
ඒ මගේ තාත්තා තමයි,
එහෙම කියලා අපිට මෙහෙම හැමදාම විදවන්න බෑ..

***************

සමහර දෙමාව්පියන් නිසා තමන්ගෙ තරුණකාලේ මේ විදිහට දවසගානේ විදවන ළමයි ඉන්නවා..
ඉතින් මෙහෙම තීරණයක් ගන්න එක වැරැද්දක්ද..

සිතුවිලි Where stories live. Discover now