27~

468 91 159
                                    


සමහර වෙලාවට මිනිස්සුන්ට හැමදේම ලැබෙන්නෙ නෑ.......
ඒත් ආදරේ පිරිලා තියෙනවනං ඒ මොනවා නැතත් ජීවිතේ හරි ලස්සනයි.....
බෝධිට එහෙම හිතුනෙ නිර්මාණලගෙ ගෙදර දිහා බලද්දි....

ඒ ගෙදර ශෙවෝන්ලගෙ වගේ ලොකු ගෙදරක් නෙවේ.... තනි තට්ටුවේ පුංචි ගෙදරක්..... පුංචි වත්තක් තියෙන්නෙ... බිමට සිමෙන්ති දාලා තියෙන්නෙත්.....
අනික ඒ ගෙදර අම්මෙක් විතරයි ඉන්නෙ... තාත්තෙකුත් නෑ....

ඒත් නිර්මාණයි අම්මයි දෙන්නම ජීවත් වෙන්නෙ හරිම සතුටින්.....
ඒක එයාලගෙ ඇස් වලින් පේනවා...
කොච්චර කාර්යබහුල ජීවිතයක් ගෙව්වත් අම්මා නිර්මාණ වෙනුවෙන් කාලෙ හොයාගන්නවා.....
ඊයෙ ඩාන්ස් එක බලන්නත් එයා ඩියුටි අස්සෙ ඇවිත්.......

අම්මා නිර්මාණ වෙස් ඇදුම ඇදන් ඊයෙ ගත්ත ෆොටෝස් බලලා  ලස්සනයි කියද්දි නිර්මාණ රතුවෙලා එයාගෙන් බාගයක් විතර වෙච්චි අම්මව බදාගත්තෙ පොඩි කොල්ලෙක් වගේ....

ඉස්කෝලෙදි ඉන්න වගකීම් සහගත නිහඩ , කෙලින් චරිතෙ වෙනුවට මෙතන හිටියෙ හරිම හුරතල් කොල්ලෙක්....
බෝධිට හිතාගන්නත් බෑ මේ ඉන්නෙ අර රිහාන් අයියා ඉස්සරහා වැඩ්ඩා වගේ ඉන්න එකාමද කියලා.....

නිර්මාණ අම්මගෙ ඉන වටේ අත දාගෙන රවුමට කරකවද්දි බෝධිට හීනියට රිදෙනවා වගේ දැනුන හැගීම යටපත් කරගත්තා... මේ වගේ සතුටු මොහොතක් ගැන ළාවටවත් ඉරිසියා කරන එක පව්.....
එයාට අම්මෙක් නැති එක මේ කාගෙවත් වැරැද්දක් නෙවේනෙ...

"හා හා.... අයින් වෙන්න අයින්වෙන්න ඉතිං...නාකි හුරතල්... "

අම්මා හිනාවෙවී කෑ ගහනවා....

"නාකි නෑ මම.. මම පුංචියිනෙ... මේ...මම ඔයාගෙ චූටි පුතානෙ.... හැබැයි අම්මෙ කර ගදක්ද කොහෙද එනවා... "

අම්මා ඔක්කොම පැත්තක දාලා ළිපේ තියෙන හොද්ද බලන්න දුවද්දි 
නිර්මාණත් ඒ පස්සෙ දිව්වෙ බෝධිවත් ඇදගෙන.....

"ගල් බිල්ලා වගේ ඉන්නෙ මොකද.... යං.... අම්මා දවල් වෙලා වැඩට යනවනෙ... උඹ එයාව යාළු කරගත්තොත් මට තමා වාසිය!! "

බෝධිට දැන් තමා තේරුණේ.... මූගෙ කපටිකම......

"ඔවූ ඉතිං...උඹට මාව බලන්න එනවා කියලා ප්‍රේමවන්තයව බලන්න එන්න පුලුවන්නෙ.... "

බෝධි (  Ongoing)Where stories live. Discover now