13

502 93 31
                                    



"මෙතන ඉමු සර්...මෙහෙ මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා, මන් ඕඩරේ දාලා එන්නම් සර්..."

"හිටපන් මාත් එන්නම්..."

"උඹ ඔහොම හිටපන්, සර් තනියමනේ..."

පවිත්‍ර ශේනුක එයාලා නිතර යන තැනකට යන පාර පෙන්නුවම ශේනුක සිහින වගේම පවිත්‍ර එක්ක එතනට ඇවිත් පවිත්‍ර ඇතුලට යනකොට සිහිනත් පස්සෙන් යන්න ගියත් ඒක හරි ගියේ නෑ...

"සිහින..."

"ම්න්..."

"මොකද කතා නැත්තේ..."

"එහෙම නෑ සර්..."

"සිහිනව දැක්කම කියන්න පුලුවන් මොනවා හරි හොර වැඩක් කරලා වගේ කියලා..."

"මේ...මම...නෑ...එහෙම නෑ..."

ශේනුක එහෙම කියද්දි සිහින නිකන්ම කලබල වෙලා සුපුරුදු පරිදි ගොත ගැහුනම ශේනුකට හිනා යන්න ආවත් ශේනුක හිනා නොවී එයාගේ සීතල පෙනුමෙන්ම හිටියේ සිහිනට බුරුලක් දෙන්න අකමැති නිසා...

"දන්නවද සිහින... අර පුහුල් හොරා කරෙන් දැනේ කියලා අපි ඉස්සර ඉගෙන ගත්තේ, සිහිනත් අන්න ඒ වගේ..."

"ඈ...මම..."

"මොනවද කර දිහා බලන්නේ...you know what...you are such a dumb Sihina..."

"ආ වැඩේ හරි දැන් ගෙනෙයි..."

"කොහෙද යකෝ මෙච්චර වෙලා ගියේ..."

"මෙච්චර වෙලා...? උඹට පිස්සුද...විනාඩි පහයිනේ ගියේ බන්..."

සිහිනට ශේනුකට උත්තර දෙන්න උනේ නෑ පවිත්‍ර එතනට ආවා, ඉතින් සිහිනට දැන් එයාව දාලා ගිය එකට පවිත්‍ර එක්කත් තරහයි,එයාට පවිත්‍ර එතනින් ගිය විනාඩි පහ දැනුනේ හරියට පැයක් වගේ...

"පවිත්‍ර...සිහිනට දැන් ඇති..."

"කිව්වට අහන්නේ නෑ සර්...මිනිහා ඉන්නේ හිතේ අමාරුවෙන්..."

"ඇයි ඒ...මොකද්ද ගැටලුව..."

සිහින දැන් ඉන්නෙ මිනිහෙක් බිව්වම ටිකක් වැඩි වීගෙන එනකොට නවත්තන්න ඕනේ අදියරේ, ශේනුක තාමත් ගත්ත පලවෙනි වීදුරුව තොල ගානකොට සිහින බාගෙකට වඩා බීලා තිබුනා, පවිත්‍රත් අද වැඩිය බිව්වේ නැත්තේ අද එයාලගේ ගෙදරට නැන්දලා ඇවිත් කියලා අම්මා කතා කරලා කියපු නිසා... සිහින වැනි වැනිම washroom එකට ගිය අතරේ ශේනුක පවිත්‍රට කියලා එයාගේ මාර්ගයෙන් සිහිනව නවත්තන්න හැදුවේ මේ වෙලාවේ එයා සිහින එක්ක කතා කරන්න ගියොත් සිහින මොන වගේ හැසිරෙයිද කියලා දන්නේ නැති නිසා... සිහිනගේ ප්‍රශ්නේ එයා කියලා දැන දැනත් ශේනුක එහෙම ඇහුවේ පවිත්‍ර කලින් ඔෆිස් එකේදි කියපු දේවල් දැනගෙන උනත් නොදන්න ගානට...

Locked feelings  ☑️Where stories live. Discover now