Episode 54

193 9 6
                                    

නපුරු වැස්ස 02 ( 54 කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

' මේකයි වුනේ..' මම පැණි හිනාවක් දාගෙන අම්මා දිහා බැලුවා..

එතකොට මට අවුරුදු පහළොවයි..දහය වසරේ..අගෝස්තු මාසය...අම්මා තාත්තා නැතිව තනියම ගෙදරින් එළියට යන්න අවසරේ ලැබුනා විතරයි..මම හිටියේ කියාගන්න බැරි සතුටකින්..ඒ වුනත් මම ඒ ගැණ වගක් නෑ වගේ හිටියේ තාත්තාගේ හැටි දන්න නිසා..අපේ ගේ ඇතුලේ තිබුනේ තද පරිසරයක්..අම්මා වුනත් ජීවත් වුනේ ඒ ජීවිතේට කොටුවෙලා..ඒ පීඩනේ අම්මා එකවෙලාවකට අපෙන් පිට කරා කියලා දැනුනේ ඒ දවස්වල අම්මා හා මං අතර වුනත් ලොකු කතාබහාක් තිබ්බේ නැති නිසා වෙන්නැති..රෙණුකා ආන්ටිගේ දුව ප්‍රභාෂි එක්ක තමා මට මැත්ස් ක්ලාස් යන්න අවසරේ තිබ්බේ..ප්‍රභාෂි මගේම වයස වුනත් හැඩරුව තිබ්බේනම් දොළහ වසර අක්කා කෙනෙක් වගේ..මම දහය වසර වුනත් අට වසරෙ වගේ පොඩි පෙනුමක් තිබුනේ..ඒ නිසාම ප්‍රභාෂි එක්ක ක්ලාස් යද්දී මම එයාගේ නංගි කියලා දකින අය හිතුවා..ප්‍රභාෂි මායි ක්ලාස් ගියේ මීගමු ටවුන් එකට..ගෙවල් ලග ඉදලා මීගමු ටවුන් එකට තිබ්බේ විනාඩි විස්සක විතර දුරක්...තාත්තා මුල් දවස් ටිකේ අපි දෙන්නාව එක්ක යන්න ආවත් දවස් දෙකක් එයාට වැඩ නිසා එන්න බැරිවෙද්දි අපි පයින් එන්න පුරුදු වුනා..අන්තිමේදී වදෙන් පොරෙන් පයින්ම ක්ලාස් යන්න එන්න ගෙවල් දෙකේම කැමැත්ත ගත්තා..ඒ තරම් සතුටක් ඒ දවස්වල අපිට තිබ්බේ නැහැ..මීගමුව බෞද්ධ මන්දිරේ ක්ලාස් ඉවරවෙන්නේ පහට..අපි වැඩිපුර පැය භාගයක් විතර ගේට් එක ලග හිටගෙන යාළුවෝ එක්ක කතාවක් දාගෙන ඉදලා තමා ගෙදර එන්න පිටත්වෙන්නේ..ප්‍රභාෂිටයි මටයි ඕනේ වුනේ අව්ව සෑහෙන්න අඩුවුනාට පස්සේ මොනාහරි කඩචෝරුවක් කමින් ඇවිදගෙන යන්න..ප්‍රභාෂි අපේ ගෙවල් ලග හිටියත් මම එයාව හම්බුනේ ක්ලාස් දවසට විතරයි..ක්ලාස් යද්දි එද්දි වුනත් අපි කතා කරේ අලුතෙන් ආව සිංදු , ටෙලි නාට්‍ය ගැන..ඒ කාලේ රූපවාහිනියේ හවසට ගිය විදේශ කතා මාලාවන් තමා අපේ ජීවිතේ..පන්ති යන්න පටන් අරන් සති දෙකක් විතර යද්දී තමා එක්ස් එබිකම් කරන්න ගත්තේ..

බෞද්ධ මන්දිරයේ හවස පහසට අපේ ක්ලාස් ඉවරවෙන ටයිම් එකටම තව ක්ලාස් කීපයක්ම ඉවරවෙනවා..ඉතින් ඒ වෙලාවට බෞද්ධ මන්දිරයේ ඇතුලේ වගේම ගේට්ටුව ළග ළමයින්ගෙන් පිරෙනවා..ඒ නිසාමයි එතන කලබලේ ටිකක් අඩුවෙනකම් යාළුවෝ එක්ක කතා කරමින් ඉන්නේ..ඒ වගේම තමයි බෞද්ධ මන්දිරයට ඉස්සරහා තියෙන රිච් ලුක් , ඩී එස් අයි ෂොප් ඉස්සරහා බයික් නවත්තගෙන පිටින් ආව කොල්ලෝ ඉන්නවා..ඒ ඉන්නේනම් එයාලගේ කෑලී බලන්න ඇවිත්..පොඩි අපිට ඕවා අදාල නැති වුනත් ලොකු ක්ලාසස්වල අක්කලා අයියාලගේ රැගුම් බලාගෙන අපි ඉන්නවා..ටවුන් එකේ ඇවිදන් එද්දී බයික් එහෙම අපි ලගින් රේස් කරන් ගියත් ඒවා ඒ කාලේ මට ලොකුවට දැනුනේ නැහැ...අනික මීගමු ටවුන් එක කියන්නේ අපේ බාප්පලාගේ තාත්තලාගේ රජදහන..ටවුන් එකම දන්නවා මාව..ඒ නිසාම මම කවුරුත් විහිලුවක් කරත් ඔළුව උස්සලා බැලුවෙත් නෑ..එහෙම කියලා බටු ඇටේ වගේ හිටිය මට කවුරුත් විහිළු කරන්න ආවෙත් නෑ..

Evil Rain 02 ( නපුරු වැස්ස 02 )Where stories live. Discover now