Ayu Pov:
අද නම් අම්මව බලන්න යන්න ඔනි.ඇහැරුන ගමන් හිතුනෙ එක විතරයි.දැන් ඉතින් මට හොඳටම හොඳ නිසා යන්න ඔනි ගොඩ දවසකින් ගියෙත් නැනෙ..සයූ එයිද දන්නෑ...එන්න කිව්වොත් නම් එයි ඒත් එයාට හැමදාම කරදර කරන්න බැනෙ...
මෙක එයාට කිව්වා නම් එහෙම ඉන්න හම්බෙන්නෙ සයිස් එකට නෙමෙ නෙ අනෙ කට අඤේ ඉතින් මගෙ සුකිරිබටිල්ලා මං ආදරෙයි නෙ...
කාලා බීලා ගෙදර ඉන්න ඇන්ටිටත් කියලා මම hospital එකට යන්න ආවා..
හම්මෙ අද නම් ගම්පොළ පුදුම සෙනඟක් නෙ දෙයියනෙ හැරෙන්නවත් ඉඩ නෑ...හිච්චි කපල් හැමතැනම
අලුත් පාරට ගියා නම් බලාගන්න තිබ්බා පොඩි උන්ගෙ කෙරුවාව අනේ.බස් එකෙ ආව නිසා දැන් ඉතින් පයින්ම යන්න එපැයි hospital එකටම හයියෝ.....
ටික වෙලාවකින් hospital එකට ඇවිත් අම්මා ඉන්න තැනට යද්දිම අම්මා මාව දැක්කා එයා මං එන්නත් කලින්ම මට හිනා උනා..සතුටු හිතිලද කොහෙද අනෙ ගොඩ දවසකින් නෙ ආවෙ මම
"පුතේ!!"
"අම්මේ...දැන් ඔයාට ටිකක් හරි සනීපයිද ?"
"ඔව් පුතේ දැන් සනීපයි ඩොක්ටර් කිව්වා තව ටික දවසකින් ගෙදර යන්න පුළුවන් කියලා"
"අනේ එක කොච්චර දෙයක්ද ඉක්මනට ගෙදර යන්න පුළුවන් අම්මට..අම්මා කාලද ඉන්නෙ?"
"ඔව් පුතේ මම කැවා...මගෙ පුතා කැවද?"
"ඔව් අම්මේ මාත් කෑවා"
"ම්ම්ම් දැන් පුතාට සනීපයිද හොදටම"
"ඔව් අනෙ දැන් හොදටම හොදයි"
"අනෙ ඒක කොච්චර දෙයක්ද මම බයේ හිටියේ මයෙ කොල්ලට සනීප වෙන්න කල් යයි කියලා"
"දැන් හොදයි නෙ අනෙ මට මේ බලන්නකො කකුල"
අම්මා අඬනවට මම කැමතිම නෑ...ඔයා අඩන්නෙපා අම්මේ මට දැන් හොදයි නේ..
අම්මා එක්ක කතා කර කර ඉදලා නර්ස් යන්න කියනකන්ම මම අම්මා එක්ක හිටියා...එ ඉදලා මම යන්න එළියට ආවා....
YOU ARE READING
නිහඬ ආදරය 🤍🕊️
Fanfictionනිහඬ ආදරයක්! හැමදාටම නිහඬ ආදරයක්ම වේවිද!? විතේශ් × ආයුර් #Wookiee