සුදූ. හොඳ හිතින් ඔය සම්බන්ධෙ නවත්තනවා වහාම. අැටෙන් පොත්තෙන් එළියට එන්න නෑ මගුල් විසේ ගහල. එක්කො කෙල්ලෙක් එක්ක යාලු වෙයන්කො. එහෙමත් නෑ. තමුනුත් කොල්ලෙක් වෙලා තියෙද්දි මොන මගුලකටද අර තව කොල්ලෙක්ගෙ අැඟේ වෙළෙන්න ගියේ.
මොන කරුම ජීවිතයක්ද මේක. කිසිම නිදහසක් නෑ. අවුරුදු 3ක් මාව කෑවා මන් කැමති නැති, මට කරගන්න බැරි බයෝවක් කරන්න කියල. දැන් එ් පාර මේකටත් අාවද අරක මේක කියන්. මන් නවත්තන්නෙ නෑ. එච්චරයි. අනිත් එක මට කෙල්ලො ගැන දැනෙන්නෑ. එච්චරයි.
උඹට කෙල්ලොනෙ දැනෙන්නැත්තෙ. එහෙනම් අඩුම රස්සාවක් කරන ඉගෙනගත්ත එකෙක්ව හොයා ගනින්කො එ්කත් නෑ. තෝ දන්නවද යකෝ එ් අර පරණපාර හන්දියේ ඉන්න කුඩු කාරයෙක්. උගේ අසහනේ දුරු කරන් තෝව මරල යනකන් තෝ දන්දන්නෙත් නෑ. අනිත් එක හිතපන් තෝයි ඔය කුඩුකාරයයි එකට ඉන්නවා මිනිස්සු දකිනකොට අපේ නම්බුවට වෙන්නෙ මොකද්ද කියල. අනිත් එක තොට බයෝ කරන්න කිව්වෙ අපේ අැගේ අැති රුදාවකට නෙමේ උඹේම හොදට. කොහෙද එ්කත් අවුරුදු ගානක් ගුරුවරුන්ට සල්ලි පූජ කරලත් ලයිට් කනු 3ක් ගත්තෙ. එ් සල්ලි වලින් රත්තරන් බඩුවක්, ඉඩමක් වත් ගත්ත නම් අපිටවත් දෙයක් හම්බෙලා. ඔක්කොටම මුල ඔය 4n මගුල. අපිම තමයි වැරදි ඕවා අරන් දුන්නට. ඔය කුඩුකාරයව පටල ගන්න අැත්තෙත් ඕවාගෙන්නෙ. අනේ දෙයියනේ අපේ කරුමෙට හැදිච්ච ළමයි උඹල නම්. ගිය අාත්මෙක තරහ කාරයොද කොහෙද මේ අාත්මෙ ලමයි වගේ ඉපදිල අපිව කන්න අැවිල්ල තියෙන්නෙ.
අනේ අම්මෙ මේ මන් මිනී මස් කන්න අැයි මාව කොල අතු අැඳ ගත්ත ගෝත්‍රිකයෙක් වගේ පේනවද. අනිත් එක ඉතින් මන් ඕනේ කමින් ඉපදුනාය මොකෝ මට කියන්නෙ. නම්බුවට හරි නැත්තම් කියන්න මන් සතීෂ් එක්කම යන්නම්. එයා මාව ඕනේ වෙලාවක එයාගෙ ගෙදර එක්කන් යන්නම් කිව්වා. හැම මගුලටම 4n එක අල්ලගන්න එපා. මේ ගෙදර කාට හරි බඩ ගියත්, එ්කට හේතුව 4n එක. මොන විකාරයක්ද. කොහොමත් ඔයාලට මාව ඉතින් ලමයෙක් වගේ ඉපදුනු හතුරෙක්නෙ.මල්ලිව විතරයි හොඳ ඔයාලට