🛳️......"ක්ලාරා.. මේ ඔයාගෙ පළවෙනි නාවික ගමන. ඉතින් පරෙස්සමින් දුවත් එක්ක පැසෙන්ජර් කැබින් එකට වෙලා ඉන්න. රොඩ්රිගෝ ඔයාට තැන පෙන්නයි..
රොඩ්රී~ ක්ලාරා මැඩම්ව පැසෙන්ජර් කැබින් එකට එක්කන් යන්න.""හරි කැප්ටන්!"
කපිතාන් හැරිස් ඔහුගේ බිරිඳ වන ක්ලාරා, ඔහුගේ මාස දෙකක් වයසැති කුඩා දියණිය සහ නාවික කාර්යය මණ්ඩලයේ සේවකයින් හත්දෙනෙකු සමග ඊජිප්තුව බලා පිටත් වීමට ගමන් ඇරඹුවේ මීට සති දෙකකට පමණ උඩදී..
"ඔය නැංගුරම උඩට ගනින් මිනිහෝ නිදි කිර කිර ඉන්නැතුව..!!!"
හැරිස් තම සේවකයන්ට ඉතා කාරුණිකව කටයුතු කළ නමුත්, සේවකයන්ගේ වැරදි හමුවේ ඉතා දරුණු ලෙස බැනවැදුනේ ය. කිසිවෙකුත් ඒවා එතරම් සිහියට නොගත්තේ තම අතේ වැරැද්ද ඇති නිසාවෙනි.
නැංගුරම් ඉවත් කර සියල්ලෝම ඊජිප්තුව බලා පිටත්වීමට නාවික ගමන ඇරඹුවෝ ය."Gally* එකෙන් අද නම් හරිම රස සුවදක් තමයි එන්නෙ.. පිංකු අද මොනාද දන්නැ හදන්නෙ..
පිංකු~ පිංකුවෝ... මොනාද අද උයන්නෙ උබ අපිට කන්න ?"*Gally - සෙවනැල්ල ( මෙය නැවක මුළුතැන්ගෙය වේ.. නැවේ කාර්ය මණ්ඩලයට ආහාර සකස් කිරීම මෙතැනදී සිදු කෙරේ... )
"අද රෝස්ට් කරපු තාර මස් එක්ක, රසම රස එළවළු සුප්.. තව අපිට රෝස්ට් කරපු පාන් තියෙනව කැප්ටන්.."
"ම්ම්.. කියද්දිත් කටට කෙළ උනනව පිංකුවො.."
පිංකු තමයි මේ නැවේ ඉන්න හැමෝටම කෑම උයන්නේ. පිංකුගේ කෑම හරිම රසයි.. ඒ කෑම රස නිසාම හැමෝම පිංකුට ආදරෙයි. ඒක නිකම් කන්න-ලව් කරනව වගෙ සීන් එකක්. මොන වැඩේ තිබ්බත් ගැලිය පැත්තෙ රවුමක් දාන එක කාටවත් වරදින්නේ නැති රාජකාරියක්..
දවසක් පිංකුගේ අතින් අරන් ආපු කෑම ඔක්කොම නාස්ති වෙලා ගියා බිම වැටිලා. එදා නැවෙයි කාටවත් කන්න හම්බුනේ නෑ.. කපිතාන් හොඳටම දොස් පැවරුවා පිංකුවාට. පිංකුත් ඉතින් ඔලුව පහත් කරන් කපිතාගෙ බැනුම් අහගෙන හිටියා. ඒත් ඒ බැනුම් පිංකුට ටිකක් දරාගන්න අමාරු වුනා.. කපිතාන් විතරක් නෙමෙයි, නැවේ හිටපු අනිත් කට්ටියගෙත් බඩගින්න වැඩි උන නිසාම අනිත් අයත් පිංකුට එදා හොඳටම බැන්නා..
පස්සේ පිංකු හොඳටම ඇඬුවා. ඒ කාටවත් පේන්නෙ නැති වෙන්න. ඒ ඔක්කොම බැනුම් අමතක කරලා ආයෙත් වැඩ පටන් ගත්තත් පිංකුගෙ යටි හිතටම කට්ටියගෙ බැනුම් කාවැදුනා..
![](https://img.wattpad.com/cover/376485307-288-k267473.jpg)
YOU ARE READING
SAKURA 🌸 [ OnHold ]
Fanfiction" Our love is like the Sakura, blossoming brightly for a season, but cherished forever in our hearts...🤍🌸✨ "