3rd Blossoming 🌸

322 38 90
                                    


ටීවී එක බල බලා ඉද්දි අතරමැද්දෙන් අක්කත් වොශ් දාගෙන කෑම එකත් බෙදාගෙන ඇවිත් මං ගාවින් වාඩි වුනා.. අපි දෙන්නා ඉතින් කයියක් දාගෙන ටීවී එක බල බල හිටියා..

"අක්කෙ මාර වැඩක්නෙ උනෙ ඉස්කෝලෙදි අද"

"අර මගෙ යාලුවා, පවන්.. එයාගෙ උපන්දිනේ තිබ්බනෙ. අපි කාටවත් එච්චර මීටර් උනෙ නැහැ මොකද එයා අපිත් එක්ක ෆිට් උනෙ මේ ළඟදි නිසා.."

"ඉතින් ඉතින් මොකො උනෙ.."

"මොනා වෙන්නද, පොර කිරිබත් පාර්සලයක් දිගාරිනකොට තමයි අපි දන්නෙ උගෙ ජන්ම දිනේ අද කියලා.."
"පොඩි තෑග්ගක් ගන්න ඕන අක්කෙ.."

"ම්ම්.. අපි තා ටිකක් හවස් වෙන්න ටවුන් එක පැත්තෙ යන්."

"හරි අක්කා.."

පවන්ගෙ උපන්දිනේට තෑග්ගක් ගන්නත් ඕන නිසා අපි දෙන්නා එහෙම කතා කරගත්තා. එහෙම්ම ඉතින් ටීවී එක බල බල ඉද්දි දන්නෙම නැතුව 4.30 ටත් කිට්ටු වෙලා.. දැන් හැබැයි අම්මා ගෙදර එන වෙලාව.

පීක් පික්~

"අක්කේ...~ අම්මා ආවද කොහෙද..."

"රාණී නැන්දේ..~ ගේට්ටුව අරින්නකෝ.."

"ශරි ශොනාලි බේබි.."

අම්මා ටිකක් වේලාසනින් ගෙදර ආවට තාත්තා එනකොට නම් ගොඩක් රෑ වෙනවා. සමහර දවස්වලට තාත්තා ගෙදර එද්දි රෑ දොළහත් පහු වෙනවා වගේ වුණාට සමහර දවස්වලට හත අට වෙද්දි ගෙදර. ටිකක් මහන්සි පෙනුමකින් අම්මා සාලෙට ඇවිල්ලා මගේ එහා පැත්තෙන් වාඩිවුණා..

"චූටි පුතා~ කෝමද ඉතින් අද දවස.."

"විශේෂයක් නෑ අම්මා.. වෙනදා වගේම තමයි. අද පවන් ගේ උපන්දිනේ තිබ්බා. අපි ඉස්කෝලෙදි ඉතින් එයාට විශ් කරා. ඒ උනාට තෑග්ගක් දෙන්න බැරි වුණා.. ඒ නිසා අක්කයි මායි කතා කරගත්තා අද හවස පොඩ්ඩක් ටවුන් එක පැත්තෙ යන්න."

"ආ එහෙනම් පුතාලා හව..... - "

⚠️ This is Breaking News ⚠️

ආයුබෝවන් !
මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු සාගරයේ අතහැර දමා තිබූ නෞකාවක් සොයාගන්නා ලදී.. නෞකාව සොයාගන්නා විටදී නෞකාවේ කිසිදු අයකු ඒ තුළ සිට නොමැති අතර, නෞකාවේ කිසිදු භාණ්ඩයක් නොවෙනස්ව තිබී ඇත. නමුත් නෞකාවේ එක් ජීවිතාරක්ෂක බෝට්ටුවක් අතුරුදහන්ව තිබී ඇති අතර සිද්ධියට සම්බන්ධ මෙම නෞකාව කපිතාන් හැරිස්ගේ පෞද්ගලික නෞකාව බවට ප්‍රධාන නාවික හමුදාපති මාධ්‍යයට අදහස් පළ කර සිටියා..
සිද්ධිය පිළිබඳ සමීප දර්ශන අප වෙත මේ මොහොතේ දී ලැබී ඇත...

SAKURA 🌸 [ Ongoing ]Where stories live. Discover now