මාව පොත් පිස්සෙක් කළේ මගේ ලොකුඅම්මා . මට මතකයි මං පහවසරෙදී ( 2013 ) දී ලොකුඅම්මා මගේ ඉස්සරහ පොත් තුනක් තියලා කැමති එකක් අරන් කියවන්න කිව්වා . වන අරණක කුඩා නිවස , පොලියානා , හකල්බරිගෙ හපන්කම් ... තමයි ඒ පොත් තුන .
මගේ හිත ගියේම රෝස පාට පසුබිමේ ගෑනුළමයෙක් ඉදපු පොලියානා පොතට වෙනකොට , ලොකුඅම්මා මට කිව්වෙ ම
" මේ වන අරණක කුඩා නිවස පොත කියවලා බලන්නකෝ ... ඔයා ආස වෙයි " කියලා . මතකද දන්නේ නෑ ඉස්සර පොතේ පිටකවරේ තද කොළ පාටයි . අවුරුදු 10 ක ළමයෙක් වැඩිය කැමති නැති බර පාටක් . ඒත් ලොකුඅම්මා කියපු නිසා ම මං පොත අරන් කියෙව්ව .
පොත් කියන ඒ ලස්සන ලෝකේ එදා තමයි මං හරියට ම දැක්කේ . එක හුස්මට ලෝරගේ පොත් අටම කියවපු මං එතන ඉදන් පොත් පිස්සෙක් උනා . නොකා නොබී නිදියන්නෙ නැතිව පොත් කියවන්න ගත්තා .
2013 දී ම මුළින් ම ඒ පොත් පිරුණු ලෝකයක් වුණු colombo international book fair එකටත් මුලින්ම මාව එක්කගෙන ගියේ ලොකුඅම්මා . එදා ඉදන් ... අත්‍යවශ්‍ය හේතුවකට ඇරෙන්න මග නොහැර මං book fair යනවා .
එහෙම ඉදන් හෙමින් හෙමින් එකතුකරගත්තා පොත්වලින් අද චූටි පුස්තකාලයක් ගෙදර හැදිලා තියනකොට... තනියම නොකියවා මං පොත් අනිත් අයටත් බෙදනවා .
පොත් කියන්නෙ ම පිස්සුවක් ... ලෝකෙ තියන හොදම ඇබ්බැහියක්
අද පුංචි පුංචි නිසදැස් ... කතන්දර ... ආසාවෙන් අකුරුකරන්නේ ඒ කියවපු හැමපොතකට ම පින්සිද්ධ වෙන්න .
මේ අවුරුදු ගාණට කියවපු පොත් ගාණ ගණන් කරන්නත් බැරිතරම් ...
මං කල්පනා කරා , හදිස්සියේවත් පොත් මගේ ලෝකෙට නාව නම් මොනාවෙයිද කියලා
සැකයක් නෑ මං මෙලහකටත් හුස්ම ගන්න මළකදක් විතරක් වෙලා තියේවි .
මේ පොත පළ කළේ මං කියවන පොත් ගැන පුංචි සටහන් තියාගන්න .
පොත් ගැන දැනගන්න ඕන අය විතරක් library add කරගන්න ... announcement දදා කරදර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ ...
ස්තුතිය 🌹📚✨️
Weiyexiao
YOU ARE READING
Books
Randomමං කියවන පොත් පිළිබද ව සටහන් තබා ගැනීමේ පහසුව තකා ලියන පොතකි . Weiyexiao