15.

710 46 16
                                    

අද සෙනසුරාදා දවසක්. වෙන අයට නම් නිවාඩු දවසක් වුනාට මට නම් එහෙම නෑ අප්පා. අද මුලු දවසම ක්ලාස්... බයෝ ක්ලාස් එක උදේ අටට පටන් ගත්තම ඉවර වෙන්නෙ දොලහට ඊටපස්සෙ තියෙන්නෙ පිසික්ස් ක්ලාස් එක ඒක එකට පටන් ගත්තම ඉවර වෙන්නෙ හවස පහට... ආය ඉතින් ගෙදර යනකොට මැරිලා වගේ තමා.

මං ඉතින් ඇඳේ ඉදගෙනම ෆෝන් එක අරන් බැලුවේ මගේ බෝයිපෙන් කියන මනුස්සයා මැසේජ් එකක් දාලද කියලා. කොහෙද ,... මේ මනුස්සයා මොන මගුලෙ ගිහින්ද මං දන්නෑ අප්පා ඊයේ රෑ දාපු මැසේජ් එක තාම ඩිලිවර් වෙලාවත් නෑ... මේ යකාට මොනා වෙලාද අප්පා.. කෝකටත් කියලා කෝල් එකක් අරන් බලනවද ??.. උදේ පාන්දර නින්ද කැඩුවා කියලා බැනුම් අහගන්න වෙයිද දන්නෑ. ඕන දෙයක් වෙච්චදෙන් කියලා මං කෝල් එකක් ගත්තා. කෝ අනේ රිං වුනාට ආන්සර් කරන්නෙ නෑනේ මෙයා. තාම නිදි ඇතිද දන්නෑ... මං ඉතින් එයාට මැසේජ් එකකුත් දාලා ඇඳෙනුත් නැගිටලා වොශ් එකකුත් දාගෙන පහලට ගියා තාම හයහමාරයිනෙ වෙලාව.. ක්ලාස් යන්න ලෑස්ති වෙන්න වෙලා තියෙනවනේ... මං යද්දී අම්මයි තාත්තයි තේ බොනවා. අපේ අක්කා හොල්මන නම් තාම නිදි ද කොහෙද. මාත් ගිහින් තාත්තට එහාපැත්තෙන් වාඩිවුනා.

"ආ චූටි පුතා !... නැගිට්ටද..."

"හුම්ම්... අම්මේ මට තේ නෑ ??.."

"වාඩිවෙලා ඉන්නකෝ මං හදලා දෙන්නම්..."

මං ඉතින් වාඩිවෙලා අම්මා තේ හදලා දෙනකන් කුකීස් වගයක් කකා හිටියා. එතකොට ම අපේ අක්කත් පහලට ආවා.

"ලොකූ... තව ටිකක් නිදාගන්න එපැයි ළමයෝ..."

"එහෙම නින්ද යන්නෙ නෑ අම්මා... කැම්පස් එකේ ඉන්නකොට පාන්දර පාඩම් කරන්න නැගිටින නිසා ඒකට පුරුදු වෙලා කලින් ඇහැරෙනවා..."

අපේ අක්කා කැම්පස් එකේ තර්ඩ් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්... එයත් ඩොක්ටර් කෙනෙක් වෙන්න තමා ඉගෙන ගන්නෙ..

"එහෙමද... එහෙනම් ඉන්නකො ඔයාටත් තේකක් හදන්නම්..."

අක්කත් ඇවිල්ලා තාත්තට එහාපැත්තෙන් වාඩිවෙලා කුකීස් ප්ලේට් එකට වැඩේ දෙන්න ගත්තා.

"චූටි පුතා අද දවසම ක්ලාස් ද..."

"ඔව් තාත්තා... පහට ඉවර වෙන්නෙ..."

නිලැස්Where stories live. Discover now