Chapter 03

38 12 2
                                    


කලින් ජන්කුක්ට කෝෆි එක දෙන්න බැරි උන නිසා තේහ්‍යුන් ජන්කුක්ගෙ කෝෆි එක හදාගෙන බිස්කට් ටින් එකෙන් ජන්කුක් කන්න ආසම බිස්කට් පැකට් එකකුත් අරගෙන ගාඩ්න් එකට ආවේ තේහ්‍යුන් ජන්කුක් ගාඩ්න් එකට යනවා දැක්ක නිසා..

බයෙන් බයෙන් බිම බලාගෙනම ආව තේහ්‍යුන් බෙන්ච් එක උඩින් කෝෆි එකයි බිස්කට් එකයි තියලා එන්න ආවේ ජන්කුක් තේහ්‍යුන් කියලා කෙනෙක් ආවවත් කියල ගානක් නැතුව ඉද්දි..

.
.
.
.
.
.

ඊයේ දවස එහෙම ගෙවිලා ගියේ තේහ්‍යුන්ව ගොඩක් රිද්දලා..

අද අලුත් දවසක්..ජන්කුක්ගෙ බිස්නස් පාට්නර් පාර්ටි එකක් ඕගනයිස් කරලා නිසා ජන්කුක් උදේ ඉදලා ඒකට ලැහැස්ති වෙනවා..

පාර්ටි එකක් කිව්වට ඒක බිස්නස් ගැන කතා කරන්න ඕගනයිස් කරපු එකක්..

" තේහ්‍යුන්!! තේහ්‍යුන්!! කෝ යකෝ මූ..තේහ්‍යුන්!! "

ජන්කුක් ක්ලෝත්සෙට් එකෙන් එලියට එන ගමන් තේහ්‍යුන්ට කතා කලේ අතේ ඔෆිස් කිට් එකකුත් තියාගෙන..

" ජ..ජන්කුක් "

අඩියට දෙකට කාමරේට දුවගෙන ආව තේහ්‍යුන් ජන්කුක්ට කතා කලේ අතේ වේලපු ඇදුම් ටිකකුත් තියාගෙන..

" මේක අයන් කරලා තියනවා..ආහ් ශූ රැක් එකේ ඇති මගේ අනිත් සපත්තු දෙක ඒකත් පොලිෂ් කරලා තියනවා."

කිව්ව ජන්කුක් තේහ්‍යුන්ගෙ මූණට කිට් එකත් විසික් කරලා බාත්රෑම් එකට ගියේ තේහ්‍යුන් අතේ තිබුන ඇදුම් ටික සෝෆා එකෙන් තියලා ජන්කුක්ගෙ ඇදුම අයන් කරන්න අයන් බෝඩ් එක ලගට ගියා..

සුදු ශර්ට් එකයි කළු කලිසමයි එක රැල්ලක් නැති වෙන්න මැදපු තේහ්‍යුන් ඒවා හැගර් එකක එල්ලලා ක්ලොත්සෙට් එකෙන් තිබ්බේ කළු පාට කෝට් එකත් එතනින්ම එල්ලලා..

" කෝ පොලිෂ් එක.."

සපත්තු දෙක අරගෙන පොලිෂ් එක හෙව්වත් පේන මානෙක නැති වෙද්දී කට ඇද කරගත්ත තේහ්‍යුන් බාත්රෑම් එකේ දොර දිහා බැලුවා..

ටොක් ටොක්💥

" ජන්කුක්~ "

" මොකද අයිසේ දොර ලග හිටගෙන කරන්නේ"

තේහ්‍යුන් දොරට තට්ටු කරලා ජන්කුක්ට කතා කරනකොටම බාත්රෑම් එකෙන් ජන්කුක් එලියට ආවේ සුදු පාට ටවල් එකකින් කොන්ඩේ පිහන ගමන්

" ප්..පොලිෂ් එක? "

" සාලේ tv එක ගාව බලනවා.."

කිව්ව ජන්කුක් ක්ලෝත්සෙට් එක ඇතුලට යද්දි තේහ්‍යුන් ආවේ tv එක ගාවට..එතනම අයිනක තිබුන පොලිෂ් එක ගත්ත තේහ්‍යුන් පුටුවකින් ඉදගෙන ජන්කුක්ගෙ සපත්තු පොලිෂ් කරන්න ගත්තෙ දැනටම දාලා තියෙන tv එකටත් අයදානය දෙන ගමන්..

" ඔහ් ඕක හොදට පොලිෂ් කරනවා..ඔප්පව වැද්දෙක් වගේ යවන්න බැහැ.."

එතනට ආවේ සාරා..මූණට ෆේශල් එකකුත් දාගෙන අත් වලට තව පෙට්ටි දෙකක් විතර උස්සගෙන ආව සාරාත් තේහ්‍යුන්ගේ එහා පැත්තෙන් ඉදගත්තේ දැක්කෙ නෑ වගේ තේහ්‍යුන්ගෙ කකුලකුත් පාගගෙන..

To be Continues~❤️🖇

Cold Husband || Tk || Where stories live. Discover now