#දළදා_වැස්ස.
#ආදරණීයම_දෙවන_හමුව.#කියවන_අයගෙන්_ලයික්_එකක්_ඕනේ
**අම්මා.. සසංග ඇවිත්... ඌටත් පිට්ටු කන්න ඕනෙලු...**
කොල්ල එහෙම කියාගෙනම සසංග එක්ක ඉස්සරහින් ගේ ඇතුලට ආවා..
**බොරු බොරු නැන්දේ මුගේ... **
සසංග සෙනුරව පැත්තකට තල්ලු කලා...
**අනේ පලයන්.. එපා කීවට කන්නේ නැද්ද දුන්නොත්...**
කොල්ලෝ දෙන්නම එන්නේ සේනුරගේ කාමරේට...
**උබ තාමත් මේ ෆොටෝ එකට මෙච්චර ආදරේද...**
සසංග අහන්නේ බිත්තියේ ලොකු කරලා ගහල තියෙන සෙනුරගේ ෆොටෝ එක දිහා බලමින්..
**මගේ ජීවිතේ වටිනාම දවස යකෝ... වෙස් අදිනවා කියන්නේ හරියට දේවත්වයට පත් වෙනවා වගේ වැඩක් නෙමෙයිද... දවස් හතක් පේ වෙලා.. මස් මාළු නොකා ඉදලා නැකතට අදින මේ ඇදුම අදින්න කී දෙනාද යකෝ පින් කරලා තියෙන්නේ...**
සෙනුර තමන්ගේම ෆොටෝ එක දිහා බලාගෙන උන්නේ මහත් අභිමානයකින්...
**කතාවේ හැටියට කියනවනේ දළදාවේ නටන්න සංසාරේ පතාගෙන එන්නේ ඕනේ කියල.... උබ මම... මේ උඩරට නටන හැමෝම එහෙම සංසාරේ පතාගෙන ආව මිනිස්සු... නටන එක හැමෝටම කරන්න බෑනේ.... **
සෙනුර නැටුම අදහන්නේ දේවත්වයෙන්... නටන ඕනෙම කොල්ලෙක් තමන්ගේ නැටුමට පුදුම විදිහට ආදරේ කරනවා... ගරු කරනවා..
** මන් දන්නවා බන්.... **
සසංග එහෙම කිවේ සේනුරගේ අම්ම ගෙනත් දුන්න තේ එක අතට ගන්න ගමන්..
**දැන් ඔය දරුවා මොකද කරන්නේහිතාගෙන එන්නේ...**
තේ එක දුන්න අම්මා පුටුවෙන් ඉඳගත්තේ එහෙම අහමින්..
**මේ ඉස්කොලෙටම යනවා නැන්දා... ආයේ වෙන ඉස්කෝල හොයන්න ඕනේ නැ අනේ...**
සසංග තේ එකෙන් උගුරක් බිව්වා...
**මෙහෙ ඉස්කෝලේ කොහොමත් නැටුම් තියෙනවනේ... අනික සර් හොදට උගන්වනවා... සිංහල උනත් එහෙමනේ... එහෙම එකේ ආයේ වෙන එහෙකට ගිහින් හුරු වෙනවට් වඩා මේකෙම ඉන්න එක හොදයි... ඒ උනාට රාහුලේට් දැම්ම.. අවොත් යන්න කියල අප්පච්චි කිව... මූත් රාහුලේට දැම්ම කිවනේ.... මුවනම් ගන්නවා උඩින්ම... ඉස්කෝලේ ඉන්න හොදම නැට්ටුවා සෙනුරනේ...**