"ඔබ කුමකටද මාගේ ඖෂධ මල්ල සකසන්නෙ යුවාන්.."
"එහි කිසිවක් නැහැනෙ.."
"ඉතින් එය දැන් අවශ්ය නැහැ..නුඹ ඔය බෙහෙත් ද්රව්ය ශරීරයේ ගාගන්න එපා.."
"නුඹ කොහොමද කියන්නෙ අවශ්ය නැහැ කියලා..එය අවශ්ය වෙන්නත් පුලුවන්නෙ.."
"මේ හෝරාවේදි රෝගීන්ට බෙහෙත් කරන්නැහැ යුවාන්.."
"හදිසි රෝගියෙක්වත් පැමිනියොත්.."
සියෑන් දෙස නොබලාම යුවාන් ඖෂධ මල්ල සකසද්දි ඔහුට ඕනෑ දෙයක් කරගන්නට ඉඩ හැරි සියෑන් මුළුතැන්ගෙයට ගොස් ආහාර සූදානම් කළා.
ආහාර ගෙන අඩ හෝරාවකට පමණ පසු සියෑන්ට ඇසුණේ කිහිපදෙනෙක් දුවගෙන එන හඬක්..ඒ නිසාම ඔහු නැගි සිටිද්දි යුවාන් සියෑන්ගෙ මුහුණ ඉදිරියට ඔහුගේ ඖෂධ මල්ල දික් කළා.
.
.
"මෙය කුමකටද යුවාන්.."
"ඔවුන් පැමිණෙන්නෙ රෝගියෙක් පිළිබඳ පැවසීමටද දන්නෑනෙ.."
කුතුහලය පිරුණු මුහුණෙන් යුතුව සියෑන් ඉදිරිපස දොරටුව විවර කළේ ඒ වනවිටත් දහඩියෙන් පෙඟී ගොස් සිටි ශිෂ්යයන් දෙදෙනා ඉක්මනින් හුස්ම හෙළමින් ම වචන අමුණද්දි
YOU ARE READING
Lavender 💜️🌸 (ZhanYi Fanfiction) [slow update]
Fanfiction💜️..අවාරෙක මෙහි ඇවිත් මගේ ළඟ දැවටෙන්න.. සිනිදු තොල්පෙති වලින් මුමුණා ආදරෙයි පවසන්න.. වරක් මා වෙත ඇවිත් සෙමින් මා සිපගන්න.. බිඳීගිය මා නුඹේ ආලයෙන් සනසන්න..🤍