⭕ දහ අටවන දිගහැරුම ...

9 3 0
                                    

තුහින ❄

" සර්.. අනේ ඇඟ උඩින් අයින් වෙන්නකෝ... ඔයා ගොඩක් බරයි.. මාව චප්පවෙලා යාවී... " මං රුවින්ගේ කනට කෙඳිරුවේ මගේ හිතට දැණුනු බය නිසාමත් නෙවෙයි මගේ සැලසුම අසාර්ථක වෙයි කියන බයට.  ඒත් එක්කම රුවින් මාවත් බදාගෙනම උඩුබැලි අතට හැරුණේ මගේ සිරුර පුරා ඒ අත් යවමින්. තවත් නම් ඉවසන් ඉන්න බෑ. දැන්මම මේ සෙල්ලම ඉවරයක් කරලා දාන්න ඕන. නැත්තම් මේ මිනිහා මාව විනාස කරලමයි පස්ස බලන්නේ. රුවින් තවමත් මගේ බෙල්ල තදින් සිපගනිමින් හිටියේ වඳුරට දැලි පිහිය අහුවෙලා වගේ. මට දැණුනේ පුදුම අප්පිරියාවක්. ඒත් එක්කම මම මගේ කලිසම් සාක්කුවේ තිබුණු ඉන්ජෙක්ෂන් එක අතට ගත්තේ මේ සෙල්ලමේ අවසානයක් දකින්න හිතාගෙනම. දැන් ඉතින් උඹේ සෙල්ලම් ඉවරයි කියලා හිතාගනින් වනචර බල්ලා. මං හිතින් කියන ගමන්ම රුවින්ගේ බෙල්ලට ඉන්ජෙක්ෂන් එකෙන් ඇන්නේ රුවින්ව තදින් බඳාගන්න ගමන්. ඒ ක්ෂණිකවම රුවින් මාව තල්ලුකරේ බෙල්ලත් අල්ලගන්න ගමන්. බෙල්ලෙන් ලේ එනවා වගේ මං දැක්කේ රතුපාට දෙයක් බෙල්ලේ තියෙනවා වගේ ලාවට දැක්ක නිසා.

" මොකක්ද හුකන්නෝ තෝ මේ කරේ... තොට මං අද... " කියාගෙන රුවින් මගේ බෙල්ල අතින් තද කරගත්තේ මට හුස්ම ගන්නවත් බැරිවෙන විදිහට. ඒත් මම කිසිම දෙයක් නොකර නිසොල්මන්ව හිටියේ එයාට තව වැඩි වෙලාවක් සෙල්ලම් දාන්න බැරි නිසා. මොකද ඒ ඉන්ජෙක්ෂන් එකට තත්පර තිහෙන් සිහිය නැතිවෙලා යනවා. ඒකේ පවර් එක තියෙන්නේ උපරිම විනාඩි තිහයි. ඒ වෙලාව ඇතුළත තමයි මට කරන්න තියෙන ඔක්කොම දේවල් කරන්න වෙන්නේ. රුවින්ගේ අත් අඩපණවෙලා යනවා වගේ  දැණුනේ මාව ලිහිල් වෙනවා වගේ දැණුන නිසා. ඒත් එක්කම රුවින් ඇඳ උඩට වැටුණේ මරලා දාලා වගේ. බෙල්ලෙනුත් ටිකක් ලේ එනවා කටුව ඇණුන පාර සැර නිසා.

" තමුසෙට ඕකනේ කරගන්න ඕනවුණේ... උඹ හැප්පුණේ වැරදි කෙනා එක්ක කියලා හොඳට මතක තියාගනින්... " මං කිව්වේ රුවින්ගේ නිසල සිරුර දෙස බලාගෙන හිතේ දැවෙන තරහත් ආරෝප කරගෙනම. ඒත් එක්කම මං රුවින්ගේ සාක්කු චෙක්කරේ එයාගේ පෝන් එක තියෙයිද බලන්න. කලිසම් සාක්කුවේ තිබුණු පෝන් එක මං අතට අරන් Unlock කරන්න හැදුවත් තිබුණේ Finger print Lock එකක්. මං රුවින්ගේ ඇඟිලි තිය තියා කොහොමහරි පෝන් එක Unlock කරලා කෙලින්ම ගියේ ගැලරි එකට. ඒත් කොච්චර බැලුවත් මගේ එක පොටෝ එකක්වත් ඒකේ තිබුණේ නෑ. මං රත්වෙලා ගියේ ඒවා වෙන කොහේ හරි තියෙනවද දන්නේ නෑ කියලා. දැන්නම් බයත් හිතෙනවා ඔක්කොම වතුරේ යාවිද දන්නේ නෑ. ඒත් එක්කම මං ගියේ ෆයිල්ස්වලට. එකින් එක ෆයිල්ස් චෙක් කරත් මට මොනවත් හම්බුණේ නැ. තව එක ෆයිල් එකක් විතරයි තියෙන්නේ. ඒකෙවත් තිබුණොත් හොඳයි. Album 1 කියන File එක ඇතුළට මං ලොග් වුණේ ඒ අන්තිම ෆයිල් එක නිසා. ඒකේ තිබුණු ඒවා දැකලා මගේ ඇස්දෙක උඩ ගියා. දෙයියනේ මූ මෙච්චර උන් එක්ක ඉඳලද ? ඒ ෆයිල් එකේ තිබ්බේ තනිකර නිරුවත් කොල්ලොන්ගෙයි, කෙල්ලොන්ගෙයි පොටෝ. සමහර ඒවගේ ඌත් ඒ අය එක්ක නිරුවත්ව හිටියා. දැක්කමත් වමනෙට එනවා. ඒ තරමටම අප්පිරියයි මට නම්. මට අනුන්ගේ රෙද්දවල් වැඩක් නෑ මගේ එක විතරයි ඕනේ. මගේ පොටෝ ටික ඔක්කොම මම permanently delete කරේ ආපහු ගන්න බැරිවෙන්න. කොහොමත් මේ පෝන් එකත් උඹට ආපහු හම්බවෙන්නේ නෑ.

තුහින ❄Where stories live. Discover now