හායි යාලුවනේ....
මම චාමි 🤎 මුලින්ම මම පොඩ්ඩක් මං ගැන කියල ඉන්නම්.
මම හරිම සරල නිතරම හිනා වෙලා ඉන්න කැමති කෙනෙක් . ඒ වගේම මං වට්පෑඩ් එකට තාම අලුත් කෙනෙක්. දැන් ම කතාවක් ලියන්නෙ නැහැ කියල හිතුවත් එක එක විදිහෙ plots ඔලුව ඇතුළෙ මැවෙනවා . ඒක මගෙ අවුරුදු ගානක පුරුද්දක් .සමහර අදහස් නම් එච්චර සාර්ථක නැහැ .
ඉතිං ඒ වගේ ඔලුව ඇතුළෙ මැවිල තිබ්බ අදහස් පණ ගහල එනවා එකම එක පුංචි හමුවීමක් නිසා......එයා මට motivation එකක් දෙනවා මේ උත්සහය ගන්න.🤎මං දන්නෙ නැහැ මං කොච්චර දුරට සාර්ථක වෙයිද කියල නම්. මොකද මේක මගේ පළවෙනි අවස්ථාව .මං මට පුළුවන් උපරිමයෙන්ම උත්සාහ කරනවා ඔයාලට දැනෙන්න ලියන්න .ඒ වගේම කියන්න ඕනෙ මේක හරිම සාමාන්‍ය ආකෘතියක කතාවක් ඒ නිසා මේ විදියට ලියවෙච්ච තව කතා තියෙනවා ද දන්නෙ නැ මොකද මම තාම එහෙම කතා ගොඩාක් කියවල නැහැ .එහෙම මොකක් හරි උනොත් මාව ටිකක් දැනුවත් කරන්න 🥺
මං මේ කතාව එක්කෙනෙක් කියෙව්වත් අප්ඩේට්ස් දෙනවා .... votes වලට වඩා මට ඔයාලගෙ අවංක අදහස් ගොඩාක් වටිනවා.
YOU ARE READING
බෝධි පාමුල මිලින වූ මල් ...🥀(sinhala GL __Slowly Updated)
General Fictionසමහර මල් පිපී දසත සුවඳ දෙද්දී... සමහර මල් ගස් පාමුල ඉකි ගගහ ඇඬුවා. සමහර මල් බුදු පුදට පේවෙද්දි... සමහර මල් බෝධි පාමුලම මිලින වී ගියා.. මිලින වූ මල් බුදු පුදට අකැපද..? ඒ මල්වලත් ඉඳහිටවත් සුවඳ ක් නැතිද..? ඒ මල් තලන උපාසකයන්ට කවදත් බුදු කුටියේ දොර ඇරලා...