සතියක් ගෙවිල ගියාද කියලවත් හිතාගන්න බෑ... හෙට එල්ලෙ මැච්.. ගිය සතියෙම චෙස් , බැඩ්මින්ටන් වගේ පොඩි පොඩි මැච් තිබ්බ... හෙට ඉඳන් පටන් ගන්න සතිය ටිකේම දවස් දෙකක් ඇර දවසක් මොකක්ම හරි මැච් එකක්...
අපේ හවුස් එකේ කාලකණ්ණියො ටික තිබ්බ හැම රෙද්දකටම මාව දැම්ම කවදාවත් කරල තිබ්බෙ නැති basketball පවා කරා... swimming විතරයි කරේ නැත්තෙ.. scode එකෙත් ඉන්නවා.. මුං මාව දැම්මෙ නැත්තෙ සරඹ ද මොකක්ද කියන සංදර්ශනේට විතරයි..
සෙන්ට්‍රල් එකේ කහ පාට හවුස් එකේ D.Sport captain ටත් හිටිය හැබැයි මෙච්චර කට්ටක් කෑවෙ නෑ...සතියක් ගෙවිල ගියා තමයි හැබැයි.. ඒ සතිය ඇතුළෙ එක්කෙනෙක් පේන්නවත් හිටියෙ නෑ.. සඳුද ඉස්කෝලෙ ආවට පස්සෙ අඩුම clz වත් ආවෙ නෑ.. dp අයින් කරල online , lastseen nobody කරල..
මොකක්ද මෙයාට උනේ ??...අද විශාල් අපේ ගෙදර.. පාඩම් කරන්න ආවා... වෙනදට ආදිත් එනව.. මොකක් හරි දෙයක් නිසා ඒකි අපිව මගාරිනවා.. clz එකේදිත් කතාවක් නෑ.. interval එකට බත් එක දීල යනව ඇරෙන්න කිසි කතාවක් නෑ.. අඩුම whatsapp msg එකක් දැම්මත් seen කරන්නෙ දවස් ගානක් ගියාට පස්සෙ...
" ක්‍රිෂ් ...."
"........"
"ක්‍රිෂාන්..."
"........"
"උට්ටො!!!!!!!"
" ආහ්හ් !!!!.. "
" ඈහ් තමයි.. උබ මොන සිහියෙන්ද ඉන්නෙ ආ!!!!..."
" මේ ගාන හද හද හිටියෙ උබට ඇස් පේන්නෙ නැද්ද.."
"ඔව් මට පේනව ගනන් හදනව කියල.."
"ඉතින් උබත් ගණන් හදනවද... ආපු වෙලාවෙ ඉඳන් උබ phone එකේනෙ..."
" උබ මොකක් හරි ප්‍රශ්නෙකින් නේද..."
" නෑ..."
" මේ මේ මල්ලි අපි අතර රහස් තියාගන්න හදන්න එපා...."
"උබටත් ඒකම තමයි කියන්න තියෙන්නෙ.. කාටද දන්නෙ නෑ උබ ආව වෙලාවෙ ඉඳන් කොටන්නෙ.. කොහෙවත් යන බඩුවක් දාගෙනනම් යැයි යැයි ගාන් එන්න එපා හරී...."
" මොන බඩුද බං.. ඊව් ඊව්.. ඒයි උට්ටො ඕක දීපන්!! දීපන් බං.. බඩු නෙමෙයිඊඊ... දීපන් සතෝ.. වැටෙයි ඕක.. දීපන් මෙහාට ඕක මයෙ අම්මාහ්.."
YOU ARE READING
අමාවක සඳ
Non-Fictionසඳ එලිය අයිති ලොවටයි සඳ අයිති අහසටයි පිණි කඳුළු බිංදු විතරක් මේ බිමට වැටෙනු ඇයි මට උරුම එපමණයි..🌑🌕° ප්‍රේමයට නම් නිර්වචන කොතෙක්ද ?? <3 ඔහුගේ වචනයෙන් " ප්‍රේමය යනු පරිත්‍යාගයයි.. " 🍃 ඉස්සර මගෙ අහස පුංචි පුංචි තරුවලින්.. ලස්සන වෙලා තිබුණ... ගණන්...