Chapter 01

55 13 2
                                    

ශේෂාද්ට කවදත් මා රිස්සුවේ නැත.

අප නොහොඳ නෝක්කාඩු පටන් ගත්තේ පෙර පාසල් සමයේ සිට ය. එකම ඔංචිල්ලාවකට වූ සුළු රණ්ඩුව දරුණු වූයේ ඔහු දෝත බදා මට පහරක් එල්ල කිරීමත් සමඟයි. කුඩා කල සිටම අන් අයට පහර දීම හෝ බැන වැදීම මා දරුණුවටම අසමත් වූ කාරණා විය. එහෙයින් එම දබරය අවසන මා කඳුළු පෙරාගෙන සිටියෙමි. ඔහුගේ මුරණ්ඩු ද්වේශය පිරුණු මුහුණත මට තවමත් මතක ය. මා දවා අලු කර දැමීමට තරම් තරහවක් ඒ කුඩා දරුවාගේ මුහුණේ විය. එදින අප දබරය මැදට පෙරපාසල් ගුරුවරිය පැමිණීම නිසා ඔහුගේ හොක්ක තැලීමට නොහැකි වීම මම තවමත් කණගාටු වන කරුණකි.

ඔහු කවදත් අමන දඩබ්බරයෙකි.

ඔහු හා ප්‍රාථමික පන්ති වලට නොවැටී සිටීමට තරම් මා භාග්‍යවත් වුව ද මගේ ජීවිතයට කණ කොකා හඬන්නට පටන් ගත්තේ පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව ය. ශිෂ්‍යත්වයෙන් ඉහලම ලකුණු ලබාගත් විට නගරයේ ඉහලම පිරිමි පාසලකට මා ඇතුලත් කිරීමට අම්මා තුළ වූයේ ඉතා උද්‍යෝගයකි. පවුලේ එකම දරුවා වූ හෙයින් දෝ මාගේ පවුලේ සියලු දෙනා මා පිළිබඳ බොහෝ සැලකිල්ලෙන් සිටියහ.

එය මට එක්තරා අන්දමක ආඩම්බරයක් නොවූ බව කීවොත් බොරුවකි.

මගේ පවුලේ අය සිතා සිටියේ මා ඉතාම අහින්සක කීකරු දරුවෙකු වන බවයි. ඉදින් ඊට සරිලන්නට මම ද ඔවුන්ගේ උනන්දුව වෙනුවෙන් හොඳින් වැඩ කළේ අනෙක් ළමයින් මෙන් නරක නාම නොගාවගෙනයි. මුදිත අශේද්‍ය මායාදුන්න යන නම හැම විටම ඉහලම ලකුණු ලැයිස්තුවේ රැඳවීම මා අරමුණු කරගෙන සිටි දෙයකි. සීමිත මිතුරන් පිරිසකට සීමා වී සිටි මම හැම විටෙකම උත්සාහ කලේ අන් සියල්ලටම වඩා ඉදිරියෙන් සිටීමටයි. කෙසේ වුවත් මා තුළ තරමක ආත්මාර්ථකාමී බවක් ද නොතිබුනා නොවේ.

"උඹේ ඔය ලොකු ලයින් තියාගනින් වෙන එවුන්ට #####"

ඔහුගේ ද්වේශය පිරුනු හඬ මට මෙලොව ඇති අප්‍රසන්නම කටහඬ ය. කුමක්දෝ වාසනාවකට 6-8 වසරවල් වල මා වැටුනේ ඔහු සිටි පන්තියට නොවුනත් 9 වසරෙ පසු මට රාහු ලබන්නට පටන් ගත්තේ මට පාසල අප්‍රසන්න කරවමිනි. කිසිවිටෙක මට අත පය උස්සන්නට නොගිය මුත් ඔහු වචනයෙන් උපරිම ලෙස මා තලා පෙලා දැම්මේ ය. උපරිම අපහාසාත්මක නංවාන කියමින් මට අපහාස කරන ඔහු මාව මුලු පාසලටම විහිලුවක් බවට පත් කර අවසන් ය. මා ඔහුව නොසලකා සිටින විට ඔහුට වැඩිපුර තරහ යයි. මට උවමනා වූයේ ද එයම හෙයින් මම පුළුවන් තරම් ඔහුව නොසලකා සිටින්නට උත්සාහ කලෙමි.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 29 ⏰

Add this story to your Library to get notified about new parts!

නුඹ නිසාWhere stories live. Discover now