Loving you from afar❤️

2 1 0
                                    

මගේ අප්‍රකාෂිත පලමු ආදරය,

සමහරක් fantasy ආදර කතාවල තියෙන්නේ කෙනෙක් අනිත් කෙනාගේ ලගින් යද්දි ඇග සීතල වෙලා, ගැහෙනවා වගේ දේවල් ඒ අත්දැකීම මට දැනුනේ ඔයාට ආදරේ කරද්දි මට ඔයාව එච්චරට දැනුනා. කවදාවත් ඔයාව මගේ කරගන්න බෑ කියලා දැන දැන මම ඔයාට ආදරේ කරා. ඔයා දිහා බලන්න පුලුවන් හැම අවස්තාවකදි ම බලන් හිටියා. මගේ යාලුවොන්ට ඔයා ගැන අහලා එපා වෙන තරනට මම ඔයා ගැන එයාලා එක්ක කියවලා ඇති. ඔයා මගේ උනානම් කියලා හිතුන වාර අනන්තයි. ඔයාගේ අතින්වත් නොඅල්ලා ඔයාට මම කරපු ආදරය වෙන කවුරුත් ඔයා වෙනුවෙන් කරන් නැති වෙයි. මම මගේ හැගීම් ඔයාට නොකිව්ව එකට එක පැත්තකින් සතුටු වෙනවා මොකද, මට අදටත් ඔයාව එපා වෙලා නැ. මට ඔයා එක්ක කවදාක්වත් තරහක් නැ. කවදාවත් ඔයා දන්නේ නැති වෙයි ඔයාට මම ආදරය කරා කියන එක. ඔයාට මම කොච්චරක් ආදරේ කරාද කියන එක මම විතරක්ම දැනගෙන ඉදී. මගේ ජිවිතේ ඔයාට තියෙන තැන වෙන කවුරු ආවත් දෙන්න අමාරු වෙයි. කොච්චර අය ආවා ගියත් ඔයාව මට කවදාවත් අමතක වෙන් නෑ. අවුරුදු ගානක් ගිහිල්ලත් මගේ ජිවිතේට මට ආදරේ කරන අය හම්බෙලා තිබුනත් "ඔයාට මම තාමත් ආදරේ කරනවද?" කියන එක දැන්ටත් ප්‍රශ්නයක්🥀.

Hello babies!! Vote කරලා, යාලුවොන්ටත් share කරලා ඔයාලගෙ first love එකට කියන්න බැරි උන දේවල් comment එකක් දාන්න🥺❤️

Story by _bwobgy__

Loving you from afar❤️ by _bwobgy__ Where stories live. Discover now