මුලු හෝල් එකටම ස්වීට් ඇන්ඩ් ඩාක් ලුක් එකක් දීලා ඉන්ද්‍රචාප සර් ස්ටේජ් එකෙන් බැහැලා යනකොට එයාගේ ඇස් මගේ ඇස් එක්ක මුණ ගැහුනා. මම දැන ගත්තා මේක තමයි ඒක. ඔව් මේක තමයි මේක.
ඇස් මුණ ගැහෙන එක. ඇහි පිල්ලම් නොගහා බලාගෙන ඉන්න එක. මුලු හෝල් එකම සර් දිහා බලාගෙන හිටියත් සර්ගේ ඇස් මගේ ලග නතර වුන එක. පලමු බැල්ම. එහෙම නේද ඒකට කියන්නේ.
සර් ඇස් පිල්ලම් නොගහා මගේ දිහා බලාගෙන පඩිපෙල බැස්සා. ඇයි? හෝල් එකේ කෙල්ලෝ සෑහෙන්න ඉද්දී සර්ගේ ඇස් මං ලග නතර වුනේ ඇයි? මහා ආඩම්බරකාරයෙක් වගේ පෙනුනට අමුතු ස්වීට් ලුක් එකකුත් තියෙනවා. කලු ඇස් කතා කරනවා වගේ. හරියට මේ ඔයාද? කියලා මගෙන් අහනවා වගේ.
සර් අන්තිම පඩියත් බැහැලා හෝල් එකෙන් එලියට ගියා. මම සර්ව නොපෙනෙනකන් බලාගෙන හිටියා. නොපෙනුනත් එයාගේ පොලිෂ් සපත්තුවේ අඩි සද්දේ මට ඇහෙනවා. ඈතින්. ගොඩක් ඈතින්.
මිසිස් සමරකෝන්, මම හිමින් තොල් මැතිරුවා. ඔමාල්ටවත් ඇහෙන්නේ නැති වෙන්න. ඔමාල් කොහොමත් මේ ලෝකේ නෑ එයා ඉන්නේ අපේ ඉතිහාසය ප්‍රොෆෙසර්ට වශී වෙලා.
ඔෆ්කෝස් ස්ටෙලාට කවුද වශී නොවෙන්නේ. ඇත්ත කියන්න ඕන ඉන්ද්‍රචාප සර්ගේ ටේස්ට් එක මරු.ස්ටෙලා සමරකෝන්. ස්ටෙලා කියන නමේ අගට සමරකෝන් ගැලපෙන්නේ නෑ. ඇයි දන්නේ නෑ ඒක කියනකොට අමුතු තිත්ත රසක් මගේ තොල් වලින් දැනෙනවා. එයා ඉන්ද්‍රචාප සර්ගේ නංගී හරි අක්කා වෙන්න කොහොමත් විදියක් නෑ මොකද මිසිස් සමරකෝන් Full british. බ්ලොන්ඩ් කොණ්ඩේ පේල් ස්කින් එක මික්ස් කෙනෙක්ගේ වෙන්න බෑ කොහොමවත්.
ඒකේ තේරුම සර් ඇත්තටම මැරි කරලා. මම නොදැනම බර හුස්මක් මම පහත දැම්මා.
පැය දෙකක බෝරින් ලෙක්චර් එකක්. ඒත් එක ස්ටුඩන්ට් කෙනෙක්වත් හුම්ම් සද්දයක් නෑ. විශේෂයෙන් කොල්ලෝ. මිසිස් සමරකෝන් කතා කරනකොට කට්ටිය සම වැදිලා අහගෙන ඉන්නේ එයාගේ ලස්සන නිසා.
ලෙක්චර් ඉවර වුන ගමන් ඔමාල් අත් උස්සලා ඈනුමල් ඇරියා. වෙල් මං කිව්වා ලෙක්චර් එක බෝරින් ඒත් කිසිම කෙනෙක් ඈනුමක්වත් ඇරියේ නෑ ස්ටෙලා ලෙක්චර් එක ඉවර කරනකන්.
YOU ARE READING
මේ නගරය
Non-Fictionමේ නගරය මා, ඔබ මුණගැසුන නගරයයි.. මේ නගරය මා, ඔබ වෙන් කෙරුනු නගරයයි..