NICO

5 0 0
                                    


පාන්දර හතරෙ කණිසමට අවදි වුණාම
ඇහුණේ මුලින්ම අම්මා උයන හඬ
ගිණුම්කරණය පොත ඉස්සරහා තියාන
නෙස්කැෆේ සුවඳට ඉව ඇල්ලුවා මම
උණුවට නහර පිරිලා යනකොට
ටේබල් ලෑම්ප් එක කහ පාට දිස්නේ දුන්නා
ජනේල විවර කළාම කැපචිනෝ සුවඳක් ආවා
මගේ නාස්පුඬු පසාරු කරගෙන
හරියටම මගේ ජනේලේ ඉස්සරහින් ඈතට වෙන්න
කහ පාට එළියක් ළාවට විහිදිලා අපූරුවට
මගේ පුංචි ලිලී මල අදත් උදෑසනම පිපිලා
ළාවට ශීත සුළං හමන විට ,
වස්සානය , ග්‍රීශ්මය පිළිවෙලට ගෙවුණු බව
මතක් කරගමන් මම
අතවැනුවේ ආපහු ආව හේමන්තයට...


කැරමල් , ටවුනි පාට පිරුණු ශරත් සෘතුව
ආදරවන්තයන්ගේ සෘතුව බව
දන්නවද ලිලී මල....?


  2024.08.30




#නිකෝ_හැමදාමත්_වගේ_ලියන_මේසයේ_සිට





කවුළුවෙන් එපිට 🌙🐞Where stories live. Discover now