11.යකිඳු

47 5 0
                                    

" ඕයි ටිකක් මූනිච්චාවටවත් හිනා වෙලා ඉදපන් යකෝ. අයියත් බලන් ඉන්නවා උබ දිහා."

" මට ඉන්න දීපන් බන්."

" තොට මන් ඉන්න දෙන්නම් පොඩ්ඩක් හිනාවෙලා හිටියොත්. අර දෝණි නන්ගිත් මගෙන් ඇහුවා උබට මොනා වෙලාද කියලා. මම බෝම අමාරුවෙන් උබ වැඩ වලට හිරවෙලා කියලා හිත හැදුවේ."

" හ්ම්... දෝණි මේවා දැනගත්තෙ නැති උනාට කමක් නෑ."

මම ලග තිබ්බ කොක්ටේල් එක එක උගුරට බීලා දැම්මෙ උගුරත් මොකද්දො වෙලා යන එක ගැනවත් හිතන්නෙ නැතුව. ලොකු අයියා තියානා අක්කා එක්ක ටේබල් එකෙන් ටේබල් එකට කතා කර කර යද්දි අප්පච්චි ලොකු අප්පච්චියි, නිහාල් අන්කලුයි එක්ක කතාවකට වැටිලා හිටියේ ඊට එහා ටේබල් එකේ ගෝමස් එක්ක මිස්ටර් සිල්වා වාඩිවෙලා ඉද්දි. ප්‍රභාශිතත් ඒ ලගම ටේබල් එකේ හිටියේ මයෝනුයි ආශිත්‍යයි එක්ක.

ආශිත්‍ය වගේම මයෝන්ගෙත් ප්‍රභාශිතගෙත් ඇස් හැමවෙලේම නෙතුනියි චනා මල්ලියි නිලක්ශ මල්ලියි හිටිය ටේබල් එක පැත්තට යද්දි මට දැනුනේ එසේ මෙසේ තරහක් නෙවේ. දෝණි මිහින්සි නන්ගි එක්ක සිහින මල්ලියි දිනාල් මල්ලියි එක්ක කයියකට අහු වෙලා ඉන්න නිසා මන් ටිකක් හරි නිදහසින් හිටියා.

" ඒ යකියා උබ ඔය බලන් ඉන්න විදිහ නම් මට අල්ලන්නෙ නෑ පුතෝ..."

" ඇයි?"

" ඇයි කියන්නෙ උබ නිකන් බලන් ඉන්නෙ අරුන් ටිකගේ ඔලු ටික ගලවලා දාන්න වගේ බැල්මට් එකකින්නෙ."

ඇත්ත මට මේ වෙලාවෙ උන්ගෙ ඔලු ටික බෙල්ලෙන් වෙන් කරන්න ලොකු උවමනාවක් තියෙනවා.

" මොනා උනත් කමක් නෑ උබේ ඔය දාමරික හිත දමනය කරගනින් හොදේ. අද නෙලීශ අයියගේ දවස. අනිත් එක අප්පලා පප්පලා ඉන්න අස්සෙ වලි අදින්න එපා."

සොනා මගෙ කරට අතක් තියලා හිස් උන ග්ලාස් එක වෙනුවට ඇපල් ජූස් එකක් තිබ්බෙ මන් ඒකත් අතට අරන් හිමින් එතනින් අයින් වෙලා ඉද්දි.

" සුදු අයියා..."

" අහ්... මොකෝ සුදු දෝණි?"

" මේ එනවකෝ මෙහෙට."

අප්පච්චිලා ගාවට යන්න හදපු මාව සුදු දෝණි ඇවිත් ඇදන් ගියේ රෝස් ටෙරස් එකක් ලගට. මගෙ අතේ තිබ්බ ග්ලාස් එක දෝණි අරන් ලග තිබ්බ පුටුවකින් තියලා මන් දිහා ඇස් හීනි කරන් බලන් හිටියා.

මන්දාරම් එළිWhere stories live. Discover now