රෙඩ් Wine

55 5 12
                                    

සැන්ඩි වුණ මදුවිත
වගෙ නෙමෙයි හිතකට
මතක ගොනු හෑරුව
අද්විතීය ඔසු වෙයි මොහොතක

ගිලා බැහුණු මතක ගොන්නට
දළු ලා වැඩෙන්නට ඉඩ හළ
රතු කොපුල් මත තැවරුණ
සියුම් හාදු වෙයි නොමැකුණ

ලද අවසරෙන් හැඩයට
රණ හංසපට ගිලිහෙන වාරෙට
සියුම් නියරටා ඇදෙන තාලෙට
සුසුම් එකිනෙක ගැටෙන මොහොතක
වැයුණි සත්සර කෙදුරුම් රාව මැද

කල් ඉකුත් වු කල මෙන් මිහිරිතම
නිවෙන්නට බැරි ඇබ්බැහිය
වයින් යනු මත්වීමේ කලාවය...

ඒ එකමත් එක කතාවක් ඒත් මේ ඒ කතාවෙ මුල නෙමෙයි මේ තමයි කතාවෙ මැද...කතාවක් මුලින් පටන් ගන්නවට වඩා මැදින් පටන් ගත්තාම ගොඩක් අයට අමතක වෙන්නෙ කතාවෙ මුල ඉතින් හිමීට මේ ගැට එකින් එක ලිහාගමු...

මම ඔව් මම ගැන කිව්වොත් මේ කතාවෙ ප්‍රධානම චරිතෙට පණ පොවන්නෙ මම මම නිකොලා ආකේශි වර්ණකුලසූරිය ස්කූල් එකම හොල්ලන් හිටියට ගෙදර අම්මගෙ හැදිමිටට බය තරම කියන්නෙ බ්ලෙසර් එකෙ එල්ලෙන හෙඩ් ප්‍රිෆෙක්ට් බැජ් එකෙ දම්වැල් ටිකත් බල්ලට දාලා පොල් ගාන්න දුවනවා. කිංකිණි නාදෙට පදිරි නැති ඝාන්ටාරයක් උපතින්ම තියෙනවා එ හින්දම ගෙදරට ස්පීකර් ඔනේ නැතිම තරම් ඒත් චිල් එකෙ ඉන්නවා කියලා කිව්වට බාත් ටබ් එකෙදි සිරීයස් වෙනවා කියන්නෙ ආයෙ ඒ දැහැන බිදින්න මොන මහසෝනා ආවත් බෑ.හොස්ස ලගින් මැස්ස ගියත් ඉවසන්න බෑ ඒ තරම් ඉක්මනට කේන්ති යනවා කේන්ති ගිහින් කරන වැඩනම් ආයෙ කියලා වැඩක් නැ අංගොඩ ගිහින් දාලත් බැ හොද කරවන්න.
නිකොලට තිබ්බෙ දුඹුරු පාට මුරණ්ඩු ඇස් දෙකක් වගේම කුණාටුවක උනත් අකුණක් වගෙ කෙනෙක්ගෙ අවධානෙ දිනා ගන්න පුලුවන් බැල්මක්.ඒ කොච්චර උනත් පන්තියෙ නෑ කියලා අහන කුණු බැනුම් තරම් අහන්නැ අම්මා අප්පච්චිගෙන්වත් ගෙදර මොකද ඉතිම් ඒ දෙන්නගෙම අහිම්සක සෝස මලනෙ මේ ඉන්නේ.ඒත් සෙට් එකනම් දන්නවා මේකි නිකන්ම නිකන් මලක් නෙමේ ගංජා මලක් කියන කාරණාව.

A/L stream - Arts
Hobby - Reading novels
Age - 18

A/L stream - ArtsHobby - Reading novelsAge - 18

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(නිකොලා ආකෙශි)


එතකොට මේ කතාවෙ ඉන්න අනිත් ප්‍රධාන character එක වෙන්නෙ සාදිත්‍යා මිනෝලි රණවක.හැමෝම ආදරෙට මිනූ කියලා කිව්වට එකම එක්කෙනක් හිටියා එයාව සාදික්කා කෑල්ල කියලා අව්ස්සන්න ඒ තමයි නිකොලා දෙක වසරෙ ඉදන්ම එකට හිටපු හින්දමද කොහෙද මේ සියලු පිස්සු වැඩ ටික "මේකා හරකනෙ මොකටද මන් මිනී මරන්නෙ' කියලා ඉවසනවා.කෙලින්ම කිවොත් නිකොලගෙ අනිත් පැත්ත හරිම නිමිච්ච චරිතයක් වැඩිය හයිලයිට් වෙන්න අකමැති කෙනෙක් ඒත් මොකාක්දො හේතුවකට නිකොලගෙ හොදම යාලුවා නිකොලා හනුමන්තා වගෙ නැට්‍ට ගිනිතියාගන්න හැමවෙලෙම එයාව සන්සුන් කරන්න පුලුවන් උනෙම අන්න ඒ ඉවසීම හින්දා.එයාට තිබ්බෙ හරි ලස්සන ටීක් බෝලයක් වගෙ කලුම කලු ක්‍රේවන් කපුටෙකුගෙ පාට ඇස් දෙකක් එක්ක ඕනම කෙනෙක්ව ජජ් කරන්න පුලුවන් තියුණුම ඇස් දෙකක් වගේම පොඩ්ඩක් අහංකාර පීරණ අතට වඩා දුර ඈතට පියාඹන්න ආස කරපු අහංකාර කොන්ඩයක්.හැමවෙලෙම අනිත් අයට මොකක් හරි හිතෙ දුකක් තියෙනවා නම් දුක්ගන්නාරාළ පට්ටමට අවංකවම සාධාරණයක් ඉටු කරන අතර හදිසි අවස්ථාවන්හිදී වෙදපප්පාගෙ රාජකාරියද ඉටු කරන අතර වෙද පප්පාගෙ මෙන් පැලෑටි නොව පෙනඩොල්,පෙරසිටමෝල්,ඉන්හේලර්,ඩ්‍රයිජින් වැනි එකි මෙකි නොකි නානාප්‍රකාර ඖෂධයන් නිතරම ලඟ තබාගෙන සිටියි.ඉටිපන්දමක් මෙන් උනු වී හැලෙන මෘදු හදවතක් ඇත්තාසේම ඉවසීම් ගුණය අතින් ඉදිරියෙන්ම සිටින්නියකි ඒත් බැරිවෙලා හරි ඒ ඉවසීම නැති උනොත් නම් සොරි ඩොට් කොම් නන්ස්ටොප් කියවිලි අහන් ඉන්න වෙනවා එතකොට හුම්ම් විතරක් කියන්න එපා නොනවතින ගමනකට එය මගපැදීමක් විය හැක.

A/L stream - Arts
Hobby - Drawing

Age - 18

(සාදිත්‍යා මිනෝලි)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(සාදිත්‍යා මිනෝලි)

(පොම්ඩි ස්ටොරියක් ලියන්න කියලා බැලුවා හැමදාම කියවලා කියවලා ඇති වගෙ හිතුනා හොදයිනම් වොට් එකක් දාලා comment එකක් දාන්න මෙව්වා මේ මුදල් හදල් බලාපොරොත්තුවෙන් කොරන වැඩ නොවෙයිනෙ😌)

රෙඩ් WineWhere stories live. Discover now