"එපා!!!!!................."
ඇසූවන් සවන බිහිරි කරවමින් ගතෙහි රෝමයක් රෝමයක් පාසා ලොමු දැහැ ගන්වන ඒ විළාපය හාත් පස පැතිර තිබූ රැහැයි නාදය යටපත් කර දැම්මේ ය.
"ච්ක්!"
විලාප දුන් අය ඉදිරියේ හුන් තැනැත්තා සිය දෙතොල් එකට තෙරපමින් එලෙස හඬක් නැංවීය.
"But…….. too late!"
ඒ කටහඬ කාගේදැයි හඳුනාගත නොහැකි තරමට ගොරහැඬි විය. නමුත් එහි ගැබ්ව තිබූ ඒ මරණීය චේතනාව හඳුනා ගත හැකි තරම් සිහියක් ඒ තැනැත්තා ඉදිරියේ සුදු වැල්ල ලෙයින් පොඟවමින් වැතිර හුන් ඇයට තිබුණි.
"ඒත්…….. අඩු තරමෙ අපෙ අතීතය ගැන වත් හිතන්න!"
ඈ යදින්නට වූයේ මලානික ලෙස බිඳී යමින් තිබුණා වූ සිය සිහින් කටහඬිනි.
"JINX!"
ඒ වදන සමඟම ඇය ඉදිරියේ සිටගෙන හුන් තැනැත්තා අත වූ පිස්තෝලය ක්‍රියාත්මක විය. හඬක් හෝ නොනඟාම එයින් නික්මී තිබුණ මිලිමීටර නවය වර්ගයේ උණ්ඩය ඇගේ නළල සිදුරු කරගෙන ගොස් හිස පිටුපසින් මතුව තිබුණි.
වෙඩිල්ල තැබූ තැනැත්තා සෙමින් තවමත් උණුසුම් රුධිරය වැගිරෙන ඇගේ මුහුණ වෙත නැඹුරු විය.
"So sorry sweetheart! You said a JINX!
What you thought?!
Will I spare you after rethinking about our past?!Nagh!
Even if you didn't say that JINX, I don't spare you babe!
Because You got to know something you shouldn't have!ඔයාට අදාළ ම නැති දෙයක් ගැන ඔයා දැනගත්තා!
Again……… so sorry love!"එසේ කි පසු එම තැනැත්තා තවමත් විවරව තිබූ ඇගේ දෑස වසා දැම්මේ ය.
පසුව හේ එය සුදු වැලි පිරුණු ඉවුර දිග ඇදගෙන යන්නට විය.තමාට අවශ්‍ය ස්ථානයට ළඟා වූ පසු ඇගේ නිසල දේහය එතැන අතහැර දැමූ මෙකී තැනැත්තා සිය සුරතේ වූ සුදු පැහැති රෝහල් අත් වැසුම ඉරී යන ලෙස ගලවා දැමුවේ ය.
එයින් කොටසක් දේහය අසල අතහැර රුධිරය වැකුණු පාවහන් ලකුණු කිහිපයක් සමඟින් දේහයෙන් ඉවතට ඇවිද ගිය මේ තැනැත්තා එයට යාර හත අටක් ඈතින් අත් ආවරණයේ ඉතිරි කොටස අතහරින අතරම ඒ අවට වූ අඳුරු සෙවණැලි අතරට වැද අතුරුදන් විය.
YOU ARE READING
Chiaroscuro (OnHold)
General FictionThe Noir: Book 2 Chiaroscuro It's all about "Contrasts Between Light & Dark"