"Who is this girl Sihina...""ශේනු මේ...මගේ නංගි...දැහැමි..."
වැරද්දක් කරලා අහු උනාම මිනින්සු බය වෙනවා... බය උනාම කතා කරන වචන ගොත ගැහෙනවා... ශේනුක කියන්නෙ කාටවත් බය කෙනෙක් නෙමෙයි... ඒත් සිහින කියන්නේ මේ සම්බන්දය අහුවෙයි කියලා ගොඩක් බය දුර්වල කොල්ලෙක්... ඉතින් එයාට එයාගේ නංගිව දැකලා කතා කරගන්න වචන ආවෙත් නෑ... සිහිනගේ ඇස් වලින් කඳුලු ගලනවා... සිහිනගේ නංගි තාමත් ගෙයි දොරකඩ බය වෙලා වගේ බලාගෙන ඉන්නවා... නංගිට මේ දැක්ක දේ නිසා දාඩියත් දාලා...
"අයියා...ඔයා...මොනවද මේ...දෙයියනේ..."
"එයාව ගෙට ගන්න සිහින... මම වතුර එකක් ගේන්නම්..."
"නංගි...චුට්ටක්... කලබල වෙන්නෙ නැතුව...ඉන්නකෝ..."
ශේනුක ඉක්මනට ගෙට ගිහින් වතුර ගේනකල් කලබල වෙලා ඉන්න සිහිනටම කලබල වෙලා ඉන්න නංගිව සංසුන් කරන්න උනා... දැහැමිට මේක හිතාගන්න බෑ... එයාට තියෙන්නෙ බයක්ද දුකක්ද පුදුමයක්ද නැත්නම් මේ ඔක්කොගෙම එකතුවක්ද කියලා එයාටවත් හිතාගන්න බෑ...
"අයියේ..."
"අඬන්නෙ ඇයි නංගි...ප්ලීස් චුට්ටක් වාඩි වෙන්නකෝ..."
"Give this babe..."
"ශේනූ..."
අතටම අහු උනාට පස්සෙ මොනවා හංගන්නද... ශේනුක ඒ නිසා ලොකුවට හිතන්නෙ නැතුවම නංගි ඉස්සරහා සිහිනට එහෙම කතා කලා... සිහින ශේනුක දිහා රවලා බලලා එපා කිව්වේ එයාට ලැජ්ජ නිසා...
"ආ මම දූ ගාවට යන්නම්..."
"මම...මම කාමරේට යන්නම්...අයියා මට ටිකක් තනියම ඉන්න ඕනේ..."
"අපි මොකද්ද ශේනු දැන් කියන්නේ...දෙයියනේ මම මොනවද නංගිට කියන්නේ..."
ඉක්මනට වතුර උගුරක් බීලා දැහැමි ශේනුකට කලින් කාමරේට පැන්නේ දැන්ම එයාලගේ මූණ බලන්න හයියක් නැති නිසා... එයා මේ දේවල් අහලා කියවලා තිබුනත් එහෙම දෙයක් ඇස් දෙකට දැක්ක පළවෙනි වතාව මේක... ඉතින් ඒකත් එයාගේ අයියා නිසා එයාට එකපාරට කරන දෙයක් හිතාගන්න බෑ... මිනිස්සු කොච්චර අනිත් අයට උපදෙස් දුන්නත් ඒක සුලු දෙයක් කිව්වත් තමන්ගේ කෙනෙක් එහෙම කලාම ඒක එකපාරට දරාගන්න අමාරුයි... ඉතින් දැහැමි මේක කොහොම පිළිගනියිද...?
