"ඔයාලා මොනවද මෙතන කරන්නෙ?"
එතන හිටපු කොල්ලො ටිකකට විදුහල්පති ඇවිත් ඇහුවා. එතන හිටපු හැමෝම නැගිට්ටා.
"මො..මොකුත් නෑ සර්"
"දැන් මොනවද තියෙන්නේ?"
"මැත්ස්"
"යනවලා පන්ති වලට"
හැමෝම පන්තියට දිව්වා. කවදාවත් නැතුව 12A පන්තිය හරි නිශ්ෂබ්දයි. ඔව් පන්තියෙ ළමයිට උගන්වන්න ගණන් මිස් ඇවිත්.
"හොඳයි දරුවනේ මේ ගාණ තේරුනාද?"
"ඔව් මිස්"
හැමෝම ගණන් හද හද ඉන්නකොට එතනට ප්රින්සිපල් ආවා. හැමෝම නැගිටලා ආචාර කලා.
"ආයුබෝවන් සර්"
"ආයුබෝවන් ළමයි. මිස් කරදර කරාට සමාවෙන්න මේ ඉන්නෙ මේ පන්තියට අලුතෙන් එන ඔයාලගේ යාලුවා හැමෝම මෙයාට හොඳට සලකන්න ඕනෙ හරිද?"
"හරි සර්"
ප්රින්සිපල් එතනින් ගියාට පස්සෙ ගණන් මිස් අර අලුතෙන් ආපු ළමයා ගාවට ආවා.
"පුතාගේ නම මොකද්ද?"
"අභී"
"හොඳයි ලමයි හැමෝම අභී එක්ක සමගියෙන් වැඩ ටික කරන්න ඕනෙ හරිද? පුතේ ඔයා ගිහින් අර පිටිපස්සෙ පෝලිමේන් ඉඳගන්න"
අභී ගිහින් මිස් පෙන්නපු තැනින් ඉඳගත්තා. අභීට එහා පැත්තෙ හිටිය කොල්ලා අභීට ලස්සන හිනාවකින පිලිගත්තා.
"හලෝ"
"හලෝ"
"කොහොමද ඔයාට?"
"හොඳයි"
"මං සමීර"
"හ්ම් ලස්සනයි"
"ඔයාගෙ නමත් ලස්සනයි"
"තැන්කස්"
"අපි දෙන්නා යාලුවො වෙමුද?"
"හා"
"එහෙනං අද ඉඳන් අපි හොඳම යාලුවො."
සමීරයි අභීයි අතට අත දීගෙන හිනාවෙලා පාඩම අහගත්තා. 10:30ට ඉන්ටවල් එකට බෙල් කරද්දී හැමෝම පොත් මේසෙ උඩ තියලා කෑම කන්න ලෑස්ති උනා.
"අභී?"
"ම්ම්?"
"ඔයාට බඩගිනි නැද්ද?"