මං හිතනවා ඔයාලා මේ කතාව එක්ක ඒකාත්මික වෙයි කියලා...ඒ විදිහට කතාව ලියන එක මගේ වගකීමක් ...
ඉතින් මේ කතාව යන්නෙ අපේ ලංකාවේ ජනශ්‍රැති, තොවිල් පවිල්, දේවාරූඪ, දේව යක්ෂ සංකල්ප ,මිථ්‍යාව වගේ දේවල් ගොඩක් එක්ක...
ඇත්ත ඇති සැටියෙන් දක්වන්න මම සියල්ල දත් මහාචාර්ය කෙනෙක් නම් නෙවෙයි. එහෙම දන්න දේවල් පවා මම මගේ මනෝ ලෝකෙට අනුව වෙනස් කරනවා . ඉතින් මේ කතාවෙන් ඇත්තම ලාංකීය ගුප්ත විද්‍යාව තර්කනය කරන්න එපා ..ගොක් කොල රැහැනෙන් හැඩ වෙන මල් බුලත් තටු වල විලඳ මී පැණි , ඇට ඇටි ,පස් මල් වර්ග, බුලත් පඩුරු තියල පුද පුලුටු තියන මල් යහනක
මේ ජීවම් වන්නේ එක්වෙන්නට නියමිත ආත්මික සුසංයෝග ආලයේ මන්ත්‍රයි....එක්වී වෙන් වන්නට නියමිත ද්විත්ව ආත්මයන්ගෙ අමරණීය කතා ප්‍රවෘත්තියයි...
ඒ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර වල බැඳි අකුරු මෙලෙස එකින් එක වෙන්ව ලියා සංක්ෂිප්ත ව අරුත් සපයන්නපලමුව බුද්ධ රත්නයෙන් අවසර.....
දෙවනුව සිව්වරම් දෙවියන්ගෙනුත් සාසනාරක්ශක
විශ්ණු, සමන් ,කතරගම,විභීෂණ දෙවියන්ගෙනුත්
සොහොන් කාලී හත් කට්ටුවෙනුත් ,කඩවර හත් කට්ටුවෙනුත්, සිද්ධ සූනියම් ඔඩ්ඩිස යක්ශයාගෙනුත්, මහ සොහොන් රීරී කලු කුමාර ඇතුලු , ධර්මද්වීප මේ හෙළයේ වෙසමුණිගෙන් වරම් ගත් රාවණ පරපුරේ එන සියලු යක්ඛයන්ගෙනුත් සක්වල වාසී සියලු දෙවිවරුන්ගෙනුත් අවසර.....ඕන් එහෙනම් එකසිය විස්සට දෙසිය විස්සක් ආයූ ආරක්ෂා බොහෝ වේවා....
YOU ARE READING
දෙවොල්
Non-Fictionමල් බුලත් තට්ටුවක පේ වෙන එක් වී වෙන්වීමට නියමිත ද්විත්ව ආත්මයන්ගෙ දිව්‍යමය පෙම් පුරාවෘත්තය...