" සුදු පුතා......නැගිටින්න ....."
මං ඉදියේ ඒ කටහඩ අහන්න කන් දෙක ලෑස්ති කරගෙන. වෙලාව තුනයි පනස් පහයි . හවස නෙවෙයි සගෝ මේ මහ පාන්දර . එලාර්ම් එක වදින්නෙ හතරට උනාට සුදු පුංචිගේ එලාර්ම් එක එයාට හිතපු ගමන් තියෙනවා . මගේ ඇස් තව තත්පරයක හරි නින්දක් බලාපොරොත්තු වුනත් තව ටිකෙන් මෙතන ගැට බෙර , දවුල්, තම්මැට්ටම් ඔක්කොම එකපාර වදින්න පුලුවන් නිසා මම ඇස් මිරික මිරික ඇදෙන් නැගිට්ටා ...
අද සෙනසුරාදා දවසක්. මගේ කැලැන්ඩරයෙන් කිව්වොත් කෙම්මුරක්...ඉතින් මම ඇදෙන් බැස්ස ගමන් මුහුණ හෝදලා අම්මා ගෙනාපු තේ එක බීලා පාඩම් කරන්න පොත අතට ගත්තා ........
කියලද හිතුවේ...සොරි ඩොට් කොම්...සරායු ශාක්‍ය මේඝවර්ණගෙ දින චර්යාව ඔයිට වඩා හාත්පසින් ම වෙනස් එකක්.ඇදෙන් බැස්ස ගමන් ටවල් එකත් අරන් කෙලින්ම ගියේ වත්තේ පහල ළිඳට ..කට්ට කරුවලේ ලන්තෑරුම් එලියෙන් පලවෙනි වතුර බාල්දියෙන් මූණ හෝදගෙන දත් මැදලා වතුර බාල්දි දෙක තුනක ඇගට හලා ගත්තා. පාන්දර මේ සීතල වතුරට ඇගෙ හිරි ගඩු පිපෙද්දි තව හුලඟකුත් හමන කොට තමයි නියම ආතල් එක ..
දත් සෙට් එක ටකට ටකට කොත්තු තාලෙට ගැහෙන්නෙ ..ඈතින් බල්ලෝ රංචුවක් උඩු බුරලද්දි ඒකට ම හරි යන්න මූසලකමට උලමෙක් කෑ ගහනවා ... උලමගෙ සද්දේ නුහුරු එකක් නොවුනත් තාමත් සුපුරුදු විදිහට මගේ ඇගේ මයිල් කෙලින් වෙනවා ඒ මූසල සද්දෙටඅඩියට දෙකට ටවල් එකත් පටලවගෙන ගෙට පැනපු මම අල්මාරියේ තියෙන සුදු සරොම් ගොඩෙන් එකක් අරන් ඇද ගත්තා...
" ලතාවට වැඩක් කරන්නෙ ...වරුවක් වතුරේ දියවෙනවා...බලනවා හතරයි තිහත් වෙලා ...කවදාවත් කිව්වට හැදෙන්නෙ නෑ ...යනවා යනවා ඉක්මනට...."
සුදු පුංචිගෙ කන්කලු වෙණ නාදයෙන් මුලු ගතත් සිතත් ප්‍රබෝධමත් කරගත්ත මං අත පය ඉක්මන් කරල තඹ පැන් කෙණ්ඩියට වතුරත් පෙරාගෙන නවගුණ මාලෙත් අතේ පටලවගෙන ගල් කන්ද නගින්න ගත්තා...
ගල් කන්ද තියෙන්නෙ අපේ පරම්පරාගත ඉඩමෙම තමයි. එච්චර උස කන්දක් නෙවෙයි. කදු මුදුන තනිකරම සමතලා හැඩෙන් තියෙන මහ කලු ගලක්..ගලෙ එක් කොනක ඕසෙට පැතිරිලා තියෙන්නෙ නුග ගහක්.
පාන්දර හතරහමාරත් වෙලා නිසා මම ටෝච් එලියේ පිහිටෙන් කට්ට කරුවලේ ම කන්ද නැග්ගා . ෂර්ට්ලස් ව තිබුනු පපුවේ වතුර බින්දු පහලට බේරි බේරී යද්දි මුලු ඇගම හිරි වැටෙන තරම් සීතලයි .
පාර නම් මට නුපුරුදු එකක් නොවෙන නිසා විනාඩි පහට මම කදු මුදුනෙ ...
කදු මුදුනට යන්න පාරවල් දෙකයි .එකක් මම මේ යන පාර ..අනිත් පැත්ත තියෙන්නෙ පහල ලිඳට පහලින් පොඩ්ඩක් එහාට වෙන්න ගලා බහින දොල පාරේ උඩට ගිහින් ගලෙන් ගලට උඩට නගින පාර ..ඒ පාර දෙවියන්ට අකැපයි...මෙච්චරයි කියල ගණන් කරන්න බැරි ප්‍රේත පිසාච කුම්භාණ්ඩයෝ සැරිසරන පැත්තේ මනුස්ස පාරාණයක් බිම් කලුවර වැටෙන යාමයේ ඒ පැත්තට යන්න නරකයි...රබුටන් ගස් දූරියන් ගස් හෙවන නිසා දවල් දොලහටවත් ඒ පැත්තට ඉර එලියක් නෑ ....
YOU ARE READING
දෙවොල්
Non-Fictionමල් බුලත් තට්ටුවක පේ වෙන එක් වී වෙන්වීමට නියමිත ද්විත්ව ආත්මයන්ගෙ දිව්‍යමය පෙම් පුරාවෘත්තය...